දෙවියන් වහන්සේට සවන් දීමSample
යහපත් එඬේරා දැන හඳුනා ගැනීම
" මම යහපත් බැටළු එඬේරාය; මම මාගේ බැටළුවන් අඳුනමි. —" යොහන් 10:14
ඔබේ සලකා බැලීම සඳහා මම ඔබෙන් ප්‍රශ්න දෙකක් ඇසීමට කැමතියි.
ඔබ ඔබේ ස්වර්ගික පියාණන් සමඟ කාලය ගත කරන විට එය මොන වගේද?
උන්වහන්සේ සමඟ කතා කිරීම මොන වගේද?
කරුණාකර මොහොතක් ගත කර මෙම අත්දැකීම් විස්තර කිරීමට උත්සාහ කරන්න.
මම මෙහි සඳහන් කරන්නේ යාච්ඤාවේ මාතෘකාවයි. මම හිතන්නේ බොහෝ අය මෙම අධි-භාවිතයට ලක්වූ වචනයක් වන "යාච්ඤාව" මත එල්ලී සිටින බවයි. අපි එය ඕනෑවට වඩා අධ්‍යාත්මික කරන්නෙමු. දෙවියන් වහන්සේ අපි සරලවම මනුෂ්‍යන් බව දන්නා බව ඔබ දන්නේය, නමුත් අපි කෙසේ හෝ "යහපත්" යාච්ඤාවෙන් උන්වහන්සේව විශ්මයට පත් කිරීමට උත්සාහ කරමු. එය අසාර්ථක වෙද්දී, අපි අවධානය වෙනතකට යොමු කර ඊළඟ වතාවේ අපි "උත්සාහ කරන" තෙක් එය අත්හරින්නෙමු. මෙය සිදු කිරීමේදී, යාච්ඤාව යනු කුමක්ද යන්න පිළිබඳ සම්පූර්ණ කාරණය අප මග හරවා ගනිමු!
යාච්ඤාව යනු අපි දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධ වන ආකාරයයි. ඒ අපි උන් වහන්සේට සම්බන්ධ වන ආකාරයයි. දෙවියන් වහන්සේට අපි යාච්ඤාවෙන් උන්වහන්සේ වෙත පැමිණීමට අවශ්‍ය වන්නේ කෙසේද? උන්වහන්සේගේ ලොකුම ආශාව වන්නේ අපි ද්විතීය කථාව 6: 5 හි කියවන පරිදි අපගේ මුළු හදවත, බුද්ධිය සහ ශක්තිය දීමයි.
පටන්ගැන්මක් ලෙස අප උන්වහන්සේගේ අභිමුඛයට ආශා විය යුතුය—අවධානය උන්වහන්සේ මත මිසක ඔබගේ “යාච්ඤාව” ගැන නොවිය යුතුය.
අප අපගේ මංමුලා සහගත, නුසුදුසු, ස්වත්වය සම්පූර්ණයෙන්ම අපට ප්‍රේම කරන අපගේ සර්වබලධාරී, තේජාන්විත, නමුත් පූර්ණ දයානුකම්පිත පියාණන් වහන්සේ වෙත ලබා දෙමින්, අපි අප ලෙස, සැමවිටම උන්වහන්සේ වෙත පැමිණිය යුතුය. අප එසේ කරන විට, උන්වහන්සේගේ ශක්තිය, ප්‍රතිෂ්ඨාපනය, ප්‍රඥාව, සාමය, ධර්මිෂ්ඨකම සහ ප්‍රීතිය උතුරා යන කුසලානය අප ලබාගනු ඇත. උන්වහන්සේගේ අභිමුඛයේ බහුලත්වයේ ජීවනය තිබේ. උන්වහන්සේ ජීවමාන වතුර සහ රොටී ය.
අප යාච්ඤා කරන විට කතා කිරීම පමණක් නොව සවන් දීමද කළ යුතුය. උන්වහන්සේගේ යහපත් මාර්ග අසා ඒවා අනුගමනය කරන්න. ප්‍රීතියෙන් එන්න, කෙළිදොළෙන් වුවද එන්න. වෙහෙසින්ද, සැකයෙන් හෝ බියෙන් වුවද එන්න. මරණයේ සෙවනැල්ලේ මිටියාවත මැද උන් වහන්සේ වෙතට එන්න. ජීවිතය සහ බලාපොරොත්තුව පිළිබඳ උන්වහන්සේගේ සැනසිලිදායක වචනවලට සමීප වී සවන් දෙන්න.
එබැවින්, අපි නීරස අවස්ථාවකදීද අනෙකුත් සෑම අවස්ථාවකදීම නොකඩවා උන් වහන්සේ වෙත පැමිණිය යුතුය. අපි එසේ කරන විට, අපි අපගේ එඬේරා දැන හඳුනා ගැනීමට පටන් ගනිමු. මම කියන්නේ සැබවින් උන්වහන්සේව දැනගන්න.
මට, මගේ නිහඬ යාඥා කාලය මගේ සමීපතම මිතුරන් සමඟ වාඩි වී උණුසුම් තේ එකක් තොලගාන්නාසේ දැනේ. එය අපූරු ය. හොඳ දෙයක් නොවේද? පෝල් ඊ. මිලර් පවසන්නාක් මෙන්යාච්ඤාවේ ජීවිතයකදී, “ඔබට උඩින් පල්ලෙන් දෙවියන් වහන්සේව දැන හඳුනා ගත නොහැක. සමීපතාවය ඔබ ඇති කරන දෙයක් නොවේ; ඔබ එයට ඉඩ දිය යුතුය.”
දෙවියන් වහන්සේට ඇහුම්කන් දීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ඔබේ අවබෝධය මෙම පසුගිය දින හත තුළ ගැඹුරු කිරීමට මම යාච්ඤා කරමි. එය අප බොහෝ විට සිතන තරම් සංකීර්ණ නොවේ. එය බොරුවලට එරෙහිව අපගේ කන් නවත්වා ගැනීම, අපගේ හදවත් විවෘත කිරීම, නිශ්ශබ්ද වීම සහ අපගේ යහපත් එඬේරාට සන්නිවේදනය කිරීමට ඉඩ දීම වැනි සරල දෙයකි.
දෙවියන් වහන්සේට ඇහුම්කන් දීම සැමවිටම අපගේ යහපත් එඬේරා දැන හඳුනා ගැනීම බව ඔබට ගැඹුරු අවබෝධයක් ඇති වීමට මම ප්‍රාර්ථනා කරමි.
පියාණන් වහන්සේ කියන්න: අද, මම මගේ මුළු හදවතින්ම, ආත්මයෙන් සහ ශක්තියෙන් ඔබ සොයන්නට යනවා. මම දැන් පටන් ගන්නම්, සැබෑ මා සමඟ, සැබෑ ඔබ ඉදිරියෙහි පැමිණේ. මට සෑම දිනකම වැඩි වැඩියෙන් ඔබව දැන ගැනීමට සහ සවන් දීමට අවශ්‍යයි.
අද නමස්කාර ගීත නිර්දේශය: හිල්සොන්ග් යුනයිටඩ් විසින් ලියූ“Touch the Sky” :
About this Plan
ඇමී ග්රෝයෙෂ්චෙල් මෙම සත්දින බයිබල් සැලැස්ම ලියා ඇත්තේ එය අපගේ ආදරණීය පියාණන්ගේ හදවතේ සිට ඔබේ හදවතට ගෙන යනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඇගේ යාච්ඤාව නම් එය ඔබට විරුද්ධ ඝෝෂාව වළක්වා ගැනීමට උගන්වන අතර උන්වහන්සේගේ හඬ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබව අවදි කරයි.
More