දෙවියන් වහන්සේට සවන් දීමනියැදිය

දෙවියන් වහන්සේගේ හඬ ඇසීම
යෝබ් මෙන්, මගේ දිනපතා ආහාරයට වඩා දෙවියන් වහන්සේව සෙවීමට කැමැත්තෙමි! ඔබ එසේ නොවේද? යෙසායාගේ ශුද්ධ ලියවිල්ල ඉගැන්වූ පරිදි, මා ගමන් කළ යුතු මාර්ගය මගේ පිටුපසින් මට පවසන හඬක් ඇසීමට මට අවශ්‍යයි.
නමුත්, මට උන්වහන්සේගේ හඬ ඇසෙන්නේ කෙසේද? තවද, උන්වහන්සේගේ ඇත්තටම තවමත් කතා කරනවාද? සිතට ගන්න; දෙවියන් වහන්සේ සන්නිවේදකයෙක් බව! උන්වහන්සේ සන්නිවේදනයේ දීමනාව නිර්මාණය කළ සේක. එයින් අදහස් වන්නේ උන්වහන්සේ කතා කරන බවත්, උන්වහන්සේට සවන් දීමට සහ උන්වහන්සේගේ හඬට ප්‍රතිචාර දැක්වීමට පවා අපට හැකියාව ඇති බවත්‍ය. දෙවියන් වහන්සේ තවමත් කතා කරන්නේ නම්, උන්වහන්සේගේ කටහඬ හඳුනා ගැනීමට අපට හැකි සෑම දෙයක්ම කළ යුතුය සවන්දෙන්න! සවන්දීමේ ක්‍රියාව යනු සැබෑ සන්නිවේදනය සඳහා අතිශයින් අවශ්‍ය වන නමුත් බොහෝ විට ඉතා අඩුවෙන් සිදු වන්නකි..
පළමුව, දෙවියන් වහන්සේ අපට කතා කරන ආකාර කිහිපයක් බලමු.
දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය හරහා කතා කරයි. දෙවියන් වහන්සේවහන්සේගේ කැමැත්ත සහ සැලැස්ම දෙවියන් වහන්සේවහන්සේගේ වචනය තුලින් දෙවියන් වහන්සේවහන්සේ දැනටමත් හෙළිකර ඇත. උන් වහන්සේගේ වචනය කියවීමට කාලය ගත කිරීම උන් වහන්සේගෙන් කෙලින්ම ඇසීමට ඇති ප්‍රබලම ක්‍රමයකි.
දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මිමණීමෙන් කතා කරනසේක. උන්වහන්සේ බොහෝ විට අපගේ ආත්මයන්ට මෘදු ලෙස කථා කරනසේක, අපට සිහින, දර්ශන සහ/හෝ අපගේ තත්වයන් තුළින් අපට උපදෙස් දෙනු ඇත. උන්වහන්සේ අපගේ සිතුවිලි ද උන්වහන්සේගේ සැලසුම් වෙත යොමු කරනු ඇත.
දෙවියන් වහන්සේ තම සෙනඟ හරහා කතා කරනු ඇත. සමහර අවස්ථාවලදී දෙවියන් වහන්සේ වෙනත් කිතුනුවන් හරහා අප වෙනුවෙන් උන්වහන්සේගේ හදවතේ ඇති දේ කතා කරනු ඇත. එය දිරිගැන්වීමක්, නිවැරදි කිරීමක් හෝ මඟ පෙන්වීමක් විය හැකිය.
මගේ යාච්ඤාව නම්, මෙම කෙටි, දින හතක කියවීමේ සැලැස්ම අපගේ ආදරණීය පියාණන්ගේ හදවතින් කෙළින්ම, විරුද්ධ ඝෝෂාව වළක්වා ගැනීමටත්, උන්වහන්සේගේ කටහඬ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබව අවදි කිරීමටත්, ඔබේ හදවත සම්පූර්ණයෙන්ම ආකර්ෂණය කර ගැනීමටත් උගන්වනු ඇත කියාය.
පියාණන් වහන්සේගෙන් අසන්න: වඩාත් හොඳ සවන්දෙන්නෙක් වීමට මට කළහැක්කේ කුමක්ද?
අද නමස්කාර ගීත නිර්දේශය: කිම් වෝකර්-ස්මිත් විසින් ලියූ " Yield My Heart" වේ
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

ඇමී ග්‍රෝයෙෂ්චෙල් මෙම සත්දින බයිබල් සැලැස්ම ලියා ඇත්තේ එය අපගේ ආදරණීය පියාණන්ගේ හදවතේ සිට ඔබේ හදවතට ගෙන යනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඇගේ යාච්ඤාව නම් එය ඔබට විරුද්ධ ඝෝෂාව වළක්වා ගැනීමට උගන්වන අතර උන්වහන්සේගේ හඬ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබව අවදි කරයි.
More
අදාළ/සමාන සැලසුම්

Believing God Is Good No Matter What

Live By The Spirit: Devotions With John Piper

Wait And See

Divine Direction

Seeking Daily The Heart Of God - Wisdom

A Life Of Integrity

Whisper: How To Hear The Voice Of God By Mark Batterson

Time Management Principles From God’s Word

Choosing Each Day: God or Self?
