YouVersion Logo
Search Icon

පසුතැවීමේ ක්‍රියාSample

Acts of Repentance

DAY 5 OF 5

දෙවියන්වහන්සේ ඔහුගේ එකම පුත්‍රයා වන යේසුස්වහන්සේව ලෝකයට එවීමේ මූලික අරමුණ අපහට නව ජීවනයක් ලබා දීමයි. ලූක් 5: 27-32හි යේසුස්වහන්සේ ඔහුගේ මෙහෙය ගැන මෙවන් අර්ථ කථනයක් දී ඇත: "වෛද්‍යවරයකු අවශ්‍යවන්නේ සුවය ඇත්තන්ට නොව, ලෙඩුන්ටය, මා පැමිණියේ පව්කාරයින් පශ්චත්තාපයට කැඳවීමට මිස ධර්මිෂ්ඨයන් කැඳවීමට නොවේ." ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ ඔබ අප වැනි පව්කාරයන්හට පසුතැවිල්ල හා සමාව දීම මඟින් නව ජීවිතයන් ලබා දීමටය. අප පසුතැවිලි වී සමාව ඉල්ලා සිටින විට අපගේ ජීවිත සදහටම වෙනස් වේ. ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙවර අපගේද මෙහෙවරයි. අපගේ කැඳවීම ධර්මිෂ්ඨයන්ට සේවය කිරීම නොව මංමුලාවී සමාව අවශ්‍යවී ඇති ඈයන්ට සේවය කිරීමය. ඔබ විසින් ඔබේ පව් ගැන අවංකව පසුතැවිලි වී දෙවියන්වහන්සේ විසින් එම පව් කමාකර ඇත්නම්‍, පශ්චත්තාපය අවශ්‍ය අයට ඔබ කදිම සාක්ෂ්‍යයකි. ඔබේ ජීවිතයේ වෙනස් කිරීම තුලින් තවත් ජීවිතයක එම වෙනස නිර්මාණය කළ හැකිය. පසුතැවිලි වී දෙවිගේ සමාව ලබාගැනීමට අවශ්‍ය අය ගැන ඔබ දන්නවාද? දෙවියන්වහන්සේගේ සමාව ගැන ඔබේ කථාව පසුතැවිල්ලට පැමිණෙන තවත් අයෙකුට උපකාර වන්නේ කෙසේද?

Scripture

Day 4

About this Plan

Acts of Repentance

පසුතැවීම, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පෞද්ගලික ගැලවුම්කරුවා ලෙස දැන ගැනීම උදෙසා අප සියලු දෙනා විසින් කටයුතු ප්‍රධාන කාරියකි. පසුතැවීම අප විසින් කළයුත්තක් වන අතර, සමාව දීම උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමයෙන් දෙවියන්වහන්සේ දක්වන ප්‍රතික්‍රියාවකි. මෙම දින 5 ක කියවීම් මාලාව තුළදී, දිනපතා කියවීම සඳහා බයිබල පාඨ මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ සමග ගමන් කිරීමේදී පසුතැවීමේ වැදගත්ම වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද කෙටි ලිපි ඔබ හට ලැබෙනු ඇත. වැඩි විස්තර සඳහා www.finds.life.church බලන්න

More

We would like to thank Life.Church for providing this plan. For more information, please visit: www.life.church