1
ශුද්ධවර ජොහන් 15:5
Sinhala New Revised Version 2018
“මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.
Сравнить
Изучить ශුද්ධවර ජොහන් 15:5
2
ශුද්ධවර ජොහන් 15:4
මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය.
Изучить ශුද්ධවර ජොහන් 15:4
3
ශුද්ධවර ජොහන් 15:7
ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ
Изучить ශුද්ධවර ජොහන් 15:7
4
ශුද්ධවර ජොහන් 15:16
ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
Изучить ශුද්ධවර ජොහන් 15:16
5
ශුද්ධවර ජොහන් 15:13
යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.
Изучить ශුද්ධවර ජොහන් 15:13
6
ශුද්ධවර ජොහන් 15:2
උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.
Изучить ශුද්ධවර ජොහන් 15:2
7
ශුද්ධවර ජොහන් 15:12
“මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි.
Изучить ශුද්ධවර ජොහන් 15:12
8
ශුද්ධවර ජොහන් 15:8
මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය.
Изучить ශුද්ධවර ජොහන් 15:8
9
ශුද්ධවර ජොහන් 15:1
“සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය.
Изучить ශුද්ධවර ජොහන් 15:1
10
ශුද්ධවර ජොහන් 15:6
යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය.
Изучить ශුද්ධවර ජොහන් 15:6
11
ශුද්ධවර ජොහන් 15:11
“මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත්, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් ය.
Изучить ශුද්ධවර ජොහන් 15:11
12
ශුද්ධවර ජොහන් 15:10
මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.
Изучить ශුද්ධවර ජොහන් 15:10
13
ශුද්ධවර ජොහන් 15:17
මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න.”
Изучить ශුද්ධවර ජොහන් 15:17
14
ශුද්ධවර ජොහන් 15:19
ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති.
Изучить ශුද්ධවර ජොහන් 15:19
Домой
Библия
Планы
Видео