Logo YouVersion
Icona Cerca

උත්පත්ති 5

5
ආදම් පටන් නෝවා දක්වා පරම්පරා
1ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදූසේක; 2පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවූසේක; උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකර, ඔවුන් මවනු ලැබූ දවසෙහි ආදම් යන නාමය ඔවුන්ට තැබූසේක. 3ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය. 4සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 5ආදම් ජීවත්වුණු සියලු දවස් නවසිය තිස් අවුරුද්දක්ය; ඔහු මළේය.
6සෙත් එකසිය පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොෂ් උපන්නේය. 7සෙත් ඒනොෂ් ඉපදෙවූ පසු අටසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 8සෙත්ගේ සියලු දවස් නවසිය දොළොස් අවුරුද්දක්ය; ඔහු මළේය. 9ඒනොෂ් අනූ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව කේනාන් උපන්නේය. 10ඒනොෂ් කේනාන් ඉපදෙවූ පසු අටසිය පසළොස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 11ඒනොෂ්ගේ සියලු දවස් නවසිය පස් අවුරුද්දක්ය; ඔහු මළේය.
12කේනාන් සැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව මහලලෙල් උපන්නේය. 13කේනාන් මහලලෙල් ඉපෙදවූ පසු අටසිය සතළිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 14කේනාන්ගේ සියලු දවස් නවසිය දස අවුරුද්දක්ය; ඔහු මළේය.
15මහලලෙල් සැටපස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව යරෙද් උපන්නේය. 16මහලලෙල් යරෙද් ඉපදෙවූ පසු අටසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 17මහලලෙල්ගේ සියලු දවස් අටසිය අනූපස් අවුරුද්දක්ය; ඔහු මළේය.
18යරෙද් එකසිය සැට දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය. 19යරෙද් ඒනොක් ඉපෙදවූ පසු අටසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 20යරෙද්ගේ සියලු දවස් නවසිය සැටදෑවුරුද්දක්ය; ඔහු මළේය.
21ඒනොක් සැටපස් අවුරුද්දක් ජීවත්ව මෙතුසෙලා ඉපදෙවූවේය. 22ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 23ඒනොක්ගේ සියලු දවස් තුන්සිය සැටපස් අවුරුද්දක්ය. 24තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය.
25මෙතුසෙලා එකසිය අසූසත් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ලාමෙක් උපන්නේය. 26මෙතුසෙලා ලාමෙක් ඉපදෙවූ පසු සත්සිය අසූ දෑවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 27මෙතුසෙලාගේ සියලු දවස් නවසිය සැටනව අවුරුද්දක්ය; ඔහු මළේය.
28ලාමෙක් එකසිය අසූ දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පුත්‍රයෙක් උපන්නේය. 29ඔහු ස්වාමීන්වහන්සේ ශාපකළ භූමිය කරණකොටගෙනවූ අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේ තෙමේ අප සනසන්නේය කියා ඔහුට නෝවා යන නම තැබීය. 30ලාමෙක් නෝවා ඉපදෙවූ පසු පන්සිය අනූපස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 31ලාමෙක්ගේ සියලු දවස් සත්සිය සැත්තෑසත් අවුරුද්දක්ය; ඔහු මළේය.
32නෝවාට අවුරුදු පන්සියයක් වයස්වූ කල ඔහුට දාව ෂෙම්ද හාම්ද යඵෙත්ද උපන්නෝය.

Attualmente Selezionati:

උත්පත්ති 5: SROV

Evidenzia

Condividi

Copia

None

Vuoi avere le tue evidenziazioni salvate su tutti i tuoi dispositivi?Iscriviti o accedi

Video per උත්පත්ති 5