උත්පත්ති හැඳින්වීම

හැඳින්වීම
මේ පොතෙහි සඳහන් කර ඇත්තේ විශ්වයේ මැවීම, මිනිස් වර්ගයාගේ ආරම්භ ය, පාපයේ සහ ලෝකයේ දුක් වේදනාවල මුල, දෙවියන් වහන්සේ විසින් මිනිස් සංහතිය පිළිබඳ ව ක්‍රියා කරන ආකාරය යන මූලික කරුණු ය. මේ පොත ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය.
මෙහි අඩංගු කරුණු:
1. පරිච්ඡේද 1-11: විශ්වයේ මැවීම සහ මිනිසාගේ ආදි කාලීන ඉතිහාසය; ආදම් සහ ඒව, කායින්, ආබෙල්, නෝවා, යන අය පිළිබඳ පුවත්; මහ ජලගැල්ම සහ බාබෙල් කොත පිළිබඳ කරුණු.
2. පරිච්ඡේද 12-50: ඉශ්රායෙල් ජාතියේ පැරණි ඉතිහාසය - මෙහි මුල් තැන ගන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි විශේෂ ඇදහිල්ල දැක්වූ, උන් වහන්සේට කීකරු වූ ආබ්‍රහම් ය. මොහුට පසු, මොහුගෙන් පිළිවෙළින් පැවත ආ ඊසාක් ද ජාකොබ් ද ඉශ්රායෙල් වංශයේ‍ ආරම්භක කර්තෘන් වන ජාකොබ්ගේ පුත්‍රයන් දොළොස්දෙනා ද ගැන තොරතුරු සඳහන් වේ. මොවුන්ගෙන් කෙනෙකු වන ජෝසෙප් දෙසට ද ජාකොබ්ගේ පරපුර මිසරයට ගොස් පදිංචි වීමට හේතුවූ කරුණු දෙසට ද මේ කොටස පාඨකයන්ගේ විශේෂ අවධානය යොමු කරයි.
සාහිත්‍යමය කතා සම්ප්‍රදායයක් උපයෝගී කරගෙන මේ පොත මූලික වංශයන් කියනුයේ දෙවියන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා ගැන ය. මේ කෘතිය ආරම්භ වන්නේ, විශ්වය දෙවියන් වහන්සේ විසින් මවන ලද බව ප්‍රකාශ කරමින් ය. මෙය අවසන් වන්නේ, උන් වහන්සේ සිය සෙනඟ සහ මුළු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි දක්වන මහ සැලකිල්ල පෙන්වා දෙමින් ය.

Ընդգծել

Պատճենել

Համեմատել

Կիսվել

None

Ցանկանու՞մ եք պահպանել ձեր նշումները ձեր բոլոր սարքերում: Գրանցվեք կամ մուտք գործեք