නෙහෙමියා 7
7
නුවර ආරක්ෂා කිරීමට විධිවිධාන
1පවුර ගොඩනැඟුවාට පසු මම දොරවල් පිහිටෙව්වෙමි. දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද ලෙවීවරු ද පත් කරනු ලැබූ හ. 2ඉන්පසු මම මාගේ සහෝදර වූ හනානි ද බලකොටුවේ අධිපතියා වූ හනනියා ද ජෙරුසලමේ පරිපාලනයට පත් කෙළෙමි. කුමක් නිසා ද, හනනියා බොහෝ මිනිසුන්ට වඩා විශ්වාස වූ දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති කෙනෙකු වී සිටියේ ය. 3මම ඔවුන්ට කතා කොට, “අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි.
බබිලෝනියේ සිට ආපසු පැමිණි අය
(එස්රා 2:1-70)
4නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත. 5එවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන් ද නිලධාරීන් ද සෙනඟ ද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන් ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්බ විය. එහි මෙසේ ලියා තිබුණි.
6බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ගෙනයනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් ජුදාහි තම තමන්ගේ නගරවලටත් පැමිණියහ. 7ඔවුන්ගේ ප්‍රධානියෝ සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද නෙහෙමියා ද අශරියා ද රයමියා ද නහමානි ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිස්පෙරෙත් ද බිග්වායි ද නෙහුම් ද බානා ද යන මොවුහු වෙති.
8ඉශ්රායෙල් සෙනඟ වූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය: පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය. 9ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය. 10ආරාගේ පුත්‍රයෝ හයසිය පනස්දෙදෙනෙක් ය. 11පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දහඅටදෙනෙක් ය. 12ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය. 13ශට්ටුගේ පුත්‍රයෝ අටසිය හතළිස්පස්දෙනෙක් ය. 14ශක්කයිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය. 15බින්නුයිගේ පුත්‍රයෝ හයසිය හතළිස්අටදෙනෙක් ය. 16බේබයිගේ පුත්‍රයෝ හයසිය විසිඅටදෙනෙක් ය. 17අශ්ගාද්ගේ පුත්‍රයෝ දෙදාස් තුන්සිය විසිදෙදෙනෙක් ය. 18අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහත්දෙනෙක් ය. 19බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් හැටහත්දෙනෙක් ය. 20ආදීන්ගේ පුත්‍රයෝ හයසිය පනස්පස්දෙනෙක් ය. 21හෙසකියාගේ වංශයට අයිති වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය. 22හාෂුම්ගේ පුත්‍රයෝ තුන්සිය විසිඅටදෙනෙක් ය. 23බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිහතරදෙනෙක් ය. 24හාරිප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය. 25ගිබියොන්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.
26බෙත්ලෙහෙමේ සහ නොටොපාහි මනුෂ්‍යයෝ එකසිය අසූඅටදෙනෙක් ය. 27අනාතොත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය. 28බෙත්-අශ්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස්දෙදෙනෙක් ය. 29කිරියත්-ජෙයාරීම්හි ද කෙපීරාහි ද බෙයේරොත්හි ද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය. 30රාමාහිත්, ගෙබාහිත් මනුෂ්‍යයෝ හයසිය විසිඑක්දෙනෙක් ය. 31මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය. 32බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක් ය. 33අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස්දෙදෙනෙක් ය. 34අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය. 35හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය. 36ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය. 37ලොද්හි ද හාදිද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිඑක්දෙනෙක් ය. 38සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් නවසිය තිස්දෙනෙක් ය.
39පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය. 40ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පනස්දෙදෙනෙක් ය. 41පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය. 42හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය.
43ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු වූ කද්මියෙල්ගෙන් පැවත ආ ජේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය. 44ගායනාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයන් එකසිය හතළිස්අටදෙනෙක් ය. 45දොරටු පාලකයන් වූ ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හට්ටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද එකසිය තිස්අටදෙනෙක් ය.
46දේව මාලිගාවේ සේවකයන් වන නේතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය; 47කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය; 48ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; සල්මයිගේ පුත්‍රයෝ ය; 49හානාන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය; 50රෙයායාගේ පුත්‍රයෝ ය; රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය; 51ගශ්ශාම්ගේ පුත්‍රයෝ ය; උස්සාගේ පුත්‍රයෝ ය; පසේයාගේ පුත්‍රයෝ ය; 52බේසයිගේ පුත්‍රයෝ ය; මෙයුනිම්ගේ පුත්‍රයෝ ය; නෙපුෂෙසිම්ගේ පුත්‍රයෝ ය; බක්බූක්ගේ පුත්‍රයෝ ය; 53හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය; 54බශ්ලීත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය; 55බර්කොස්ගේ පුත්‍රයෝ ය; සිසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය; 56නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය.
57සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරීදාගේ පුත්‍රයෝ ය; 58ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; 59ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමොන්ගේ පුත්‍රයෝ ය;
60දේව මාලිගාවේ සේවකයන්ගේ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.
61තේල්-මෙලෙහෙන් ද තේල්-හර්ෂායෙන් ද කෙරුබෙන් ද අද්දෝනෙන් ද ඉම්මෙරෙන් ද ආ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තමන්ගේ පිය වංශයත්, තමන්ගේ පෙළපතත් පෙන්වන්නට බැරි වූ අය නම්: 62දෙලායාගේ පුත්‍රයෝත්, ටෝබියාගේ පුත්‍රයෝත්, නෙකෝදාගේ පුත්‍රයෝත් හයසිය හතළිස්දෙදෙනෙක් ය.
63පූජකයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත් ගිලියදිය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය. 64නාම සටහන් වූ තමන්ගේ පෙළපත් ලේඛනය සෙවූ නමුත්, සම්බ නොවූ බැවින් මොවුහු අපවිත්‍ර අය ලෙස ගණන්ගන්න ලදුව පූජකකමෙන් ඉවත් කරනු ලැබුවෝ ය. 65#නික්ම 23:30; ද්වි.නී. 33:8ඌරිම් සහ තුම්මිම් ඇති පූජකයන් නැඟිටින තුරු ඔවුන් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතු යයි තිර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේ ය.
66මුළු සභාවේ ගණන නම්, හතළිස්දෙදාස් තුන්සිය හැටක් ය. 67ඒ හැර ඔවුන්ගේ වැඩකාරයෝත්, වැඩකාරියෝත් හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් වූවෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසිය හතළිස්පස්දෙනෙක් සිටියෝ ය. 68ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය. ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය. 69ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය. කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.
ගොඩනැඟීම සඳහා ආධාර දීම
70තවද, පවුල්වල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩයට දායකයෝ වූ හ. තිර්ෂාතා රන් කිලෝග්‍රෑම් අටකුත්, පාත්‍රා පණසකුත්, පූජක ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේ ය. 71පිය වංශවල ප්‍රධානින්ගෙන් සමහරු රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එක්දාස් දෙසිය පණහකුත් වැඩ සඳහා ගබඩාවට දුන්නෝ ය. 72සෙනඟගෙන් ඉතිරි අය දුන්නේ, රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එකසිය හතළිසකුත්, පූජක ඇඳුම් හැටහතකුත් ය.
73 #
1 වංශා 9:2; නෙහෙ 11:3 මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද සෙනඟගෙන් සමහරු ද දේව මාලිගාවේ සේවකයෝ ද සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ නගරවල විසූහ.
Currently Selected:
නෙහෙමියා 7: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in