නෙහෙමියා 6
6
සතුරන්ගේ කූටෝපාය
1ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් කිසිවක් ඉතුරු නොවන ලෙස මා විසින් එය ගොඩනංවන ලද බව සන්බලට්ට ද ටෝබියාට ද අරාබීය ගෙෂෙම්ට ද අපේ සෙසු සතුරන්ට ද සැළ විය. එහෙත්, ඒ කාලය වන තුරු ම මා දොරටුවල දොරවල් සවි කර නොතිබුණේ ය. 2එවිට සන්බලට් ද ගෙෂෙම් ද, “එන්න, ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමු”යි මට ආරාධනා කර එවුවෝ ය. එහෙත්, මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි. 3මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, “මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි.
4ඔව්හු මේ අයුරින් සතර වරක් ආරාධනා කර එවූ හ. මමත් ඒ අයුරින් ම ඔවුන්ට පිළිතුරු යැව්වෙමි.
5එවිට සන්බලට් තෙම ඒ අයුරින් ම සිය සේවකයා අත විවෘත ලිපියක් පස් වන වරට මා වෙත එවුවේ ය. 6එහි මෙසේ ලියා තිබුණේ ය: “ඔබත්, ජුදෙව්වරුනුත් කැරලිගසන්නට සිතන බව මේ ජාතීන් අතරෙහි සැළ වී තිබේ. ගෂ්මු තෙමේ ද එය අනුමත කරයි. ඔබ පවුර ගොඩනඟන්නේ ඒ නිසා බවත්, මෙයාකාරයෙන් ඔබ ඔවුන්ගේ රජ වන්නට සිතන බවත් ඒ වාර්තාවෙන් පෙනේ. 7තවද, ජුදාහි රජෙක් සිටි යි කියමින් ඔබ ගැන ම ජෙරුසලමෙහි නිවේදනයක් කරනු පිණිස දිවැසිවරුන්ට නියම කර ඇත. ඉතින් මේ ගැන රජ්ජුරුවන්ට සත්තකින් ම ආරංචි වනු ඇත. ඒ නිසා එන්න, අපි එක් ව මන්ත්‍රණය කරගනිමු.”
8මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, “ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි.
9අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, “දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.”
10ඉක්බිති මම මෙහෙතාබල්ගේ පුත් දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි. එසේ ගියේ ඔහුට මා වෙත එන්නට නොහැකි වූ බැවිනි. එවිට ඔහු මා අමතා, “අපි එක් ව දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගොස් ශුද්ධස්ථානයේ දොරවල් වසාගෙන සිටිමු. මන්ද, ඔවුන් ඔබ මරන්නට එනු ඇත. ඔබ මරන්නට ඔව්හු අද රාත්‍රියේ ම එති”යි කීවේ ය.
11මම ද උත්තර දෙමින්, “මා වැනි කෙනෙකු පලා යන්නට සුදුසු ද? මා වැනි කවරෙක් ජීවිතය ගළවාගන්න පිණිස දේව මාලිගාවට ඇතුළු වේ ද? මම ඇතුළු නොවන්නෙමි”යි කීවෙමි.
12ඒ ගැන මා සිතා බැලූ විට, දෙවියන් වහන්සේ ඔහු නොඑවූ බවත්, ටෝබියා ද සන්බලට් ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගත වචනය කී බවත් මට වැටහිණි. 13ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භය වී, කී ලෙස කර පව්කරන පිණිසත් එවිට මට නරක නමක් ලැබී, මට අපහාස වන පිණිසත් ය.
14“මාගේ දෙවියන් වහන්ස, ටෝබියා ද සන්බලට් ද කළ මේ ක්‍රියා නිසා, ඔවුන් සහ දිවැසිවරිය වන නෝවදියා ද මා බිය ගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවැසිවරුන් ද අමතක නොකරන්න.”
පවුර සාදා නිම කිරීම
15පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී. 16අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ.
17තවද, ඒ දවස්වල දී ජුදාහි නායකයෝ ලියුම් බොහොමයක් ටෝබියාට යැව්වෝ ය. ටෝබියාගෙන් ද ඔවුන්ට ලියුම් ලැබුණේ ය. 18කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය. 19තවද, ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය.
Currently Selected:
නෙහෙමියා 6: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in