YouVersion Logo
Search Icon

යෙසායා 64

64
1ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද?
එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත.
2ලැව් ගින්න කැළෑව දල්වන්නාක් මෙන් ද ගින්න වතුර උතුරවන්නාක් මෙන් ද ඔබ ඉදිරියෙහි ජාතීන් කම්පා වන පිණිස ඔබේ බලය සතුරන්ට පෙන්වනු මැනව.
3අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය.
4 # 1 කොරි 2:9 තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
5දැහැමි ක්‍රියාවන් ප්‍රිය කරන, ඔබේ මාර්ගය මෙනෙහි කරන අයට ඔබ මඟපෙන්වන සේක;
අප පව් කළ විට ඔබ අප සමඟ කෝප වී සිටි සේක;
ඔබ කෝප වූ බැවින් අපි පුරාණයේ සිට පාපයෙහි ඇලී ගැලී සිටියෙමු.
අපට ගැළවීම ලැබේ ද?
6අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු;
අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය.
අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු.
අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.
7ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත.
ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත;
මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.
8එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය.
අපි මැටි ය;
ඔබ අපේ කුඹල්කාරයාණෝ ය.
ඔබ අප නිර්මාණය කළ සේක.
9සමිඳුනි, අප කෙරේ අධික ලෙස උදහස් නුවුව මැනව.
අපේ අපරාධ සදහට ම අමතක කළ මැනව.
අනේ බැලුව මැනව!
අපි සියල්ලෝ ම ඔබේ සෙනඟ ය.
10ඔබේ ශුද්ධ නගරය පාළුකරයක් මෙන් වී ඇත.
ජෙරුසලම පාළු නටබුන් නගරයක් වී ඇත.
11අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත.
සියලු සුන්දර තැන් නටබුන් වී ඇත.
12සමිඳුනි, මේ ගැන ඔබ කම්පා වන්නේ නැද් ද?
ඔබ නිශ්ශබ්ද ව සිට අප තද දුකට පමුණුවන සේක් ද?

Currently Selected:

යෙසායා 64: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in