YouVersion Logo
Search Icon

යෙසායා 65

65
කැරලිකරුවන්ට දේව විනිශ්චය
1 # රෝම 10:20 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
“මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ.
ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ.
‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, මේ ජාතිය මට යාච්ඤා නොකළහ.
2 # රෝම 10:21 කැරලිකාරයන් වන, හිතු මනාපේ අයහපත් මාර්ගයක ගමන් කරන සෙනඟක් දෙසට දවස මුළුල්ලේ ම මාගේ අත් විදහාගෙන සිටියෙමි.
3ඒ සෙනඟ මා ඉදිරියෙහි දී නිතරම මා කෝප කරති;
උයන්වල පූජා ඔප්පු කරති;
ගඩොල් පිට සුවඳ දුම් ඔප්පු කරති.
රහස් ස්ථානවල රාත්‍රිය ගත කරති;
4ඔව්හු සොහොන්වල වාසය කරති;
ඔව්හු ඌරු මස් කති;
පිළිකුල් කෑම ඔවුන්ගේ භාජනවල තිබේ.
5‘මා ශුද්ධ බැවින් මට ළං නොවී ඈතින් සිටින්නැ’යි ඔව්හු කියති.
ඔවුන් කෙරෙහි මාගේ කෝපය නාසයට වැදෙන දුමක් ද නොනිවෙන ගින්නක් ද හා සමාන ය.
6ඔවුන්ට දෙන දඬුවම් මා දැනට ම කෙටුම්පත් කර ඇත.
ඔවුන් කර ඇති දේ ගැන නිහඬ ව නොසිටියෙමි.
7ඔවුන්ගේත්, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේත් අයුතුකම්වලට මම ප්‍රතිවිපාක දෙන්නෙමි.
ඔවුන් කඳු උඩ සුවඳ දුම් පූජා ඔප්පු කර, මට අපහාස කර ඇත.
ඒ නිසා මම නිසි ලෙස මැන ඔවුන්ට දඬුවම් දෙන්නෙමි.”
8සමිඳාණෝ මෙසේ වදාරන සේක:
“මිදි වල්ලෙහි යුස තිබෙන බව දැක, ‘එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය විනාශ නොකරන්නැ’යි යමෙකු කියන සේ, මාගේ සෙනඟ මම විනාශ නොකරන්නෙමි:
මට සේවය කරන්නන් මම ගළවන්නෙමි.
9ජුදාගේ වංශයට අයත් ඉශ්රායෙල්වරුන් මම කැඳවන්නෙමි.
ඔවුන්ගේ පරම්පරාව මාගේ දේශයත්, කඳුත් උරුම කරගන්නෝ ය.
මට සේවය කරන්නන් එහි වාසය කරනු ඇත.
10 # ජෝෂු 7:24-26 මා නමදින මාගේ සෙනඟ උදෙසා ෂාරොන් පෙදෙස, එළු බැටළු රැළවලට තණ බිමක් ද ආකොර් මිටියාවත, ගව රැළවලට ලැගුම් පළක් ද වන්නේ ය.
11එහෙත්,
සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,
12මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි.
නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය.
මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය.
මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය.
මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”
13එබැවින් සමිඳාණන් වන දෙවිඳාණෝ මෙසේ වදාරන සේක:
“මට සේවය කරන්නන්ට කන්න තිබිය දී නුඹලාට බඩගිනි වන්නේ ය;
ඔවුන්ට බොන්න තිබිය දී නුඹලාට පිපාසා වන්නේ ය;
ඔවුන් ප්‍රීති ප්‍රමෝද වෙද්දී නුඹලාට ලජ්ජාව ඇති වන්නේ ය.
14ඔවුන් සිතේ ප්‍රීතියෙන් ගී ගයද්දී නුඹලා වේදනාවෙන් හා අධික ශෝකයෙන් කෑමොරගසමින් ළතෝනි කියන්නහු ය.
15මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය.
එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති.
මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.
16දේශයේ යම් කිසිවෙක් තමාට ආශීර්වාදයක් අයැදින්නේ ද, සත්‍යතාවේ දෙවිඳුන්ගෙන් එය අයැදින්නේ ය.
දේශයේ යම් කිසිවෙක් දිවුරන්නේ ද, ඔහු සත්‍යතාවේ දෙවිඳුන්ගේ නමින් දිවුරන්නේ ය.
පසුගිය දුක් කරදර අමතක කරනු ලබන්නේ ය.
ඒවා මාගේ ඇස් ඉදිරියෙන් පහකරනු ලබන්නේ ය.”
අලුත් මැවිල්ලක්
17 # යෙසා 66:22; 2 පේදු 3:13; එළිද 21:1 සමිඳාණෝ මෙසේ වදාරන සේක:
“මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මවමි;
පසුගිය දේ මතක් කරන්නේ වත්, සිහි කරනු ලබන්නේ වත් නැත.
18මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න.
මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය;
එහි වැසියෝ සොම්නසින් වෙසෙති.
19 # එළිද 21:4 මම ජෙරුසලම කෙරෙහිත්, මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි.
ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය.
20ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති;
පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති.
සිය වසක් ජීවත් වන්නා ‘තරුණයෙකැ’යි ගණන් ගනු ලැබේ.
ඒ වයසට පෙර නැසී යන්නා ‘සාප ලද්දෙකැ’යි ගණන් ගනු ලැබේ.
21ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය.
මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය.
22ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත.
වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති.
මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය.
23ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය.
ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය.
මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති.
ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති.
24ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි;
ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.
25 # යෙසා 11:6-9 වෘකයා ද බැටළු පැටවා ද එකට තණ බුදිති;
හරකා මෙන් සිංහයා පිදුරු කයි;
ධූලි සර්පයාට කෑම වෙයි.
මාගේ ශුද්ධ කන්දේ සීමා ඇතුළත කිසි අනතුරක් වත්, විනාශයක් වත් නොවන්නේ ය.”

Currently Selected:

යෙසායා 65: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for යෙසායා 65