යෙසායා 12
12
සමිඳාණන් වහන්සේට පැසසුම් ගීය
1ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය:
“සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි.
මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත.
ඔබ මට සැනසීම දී ඇත.
2 #
නික්ම 15:2; ගීතා 118:14 බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය.
මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි;
එතුමන් කෙරෙහි මට බියක් නැත.
මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය.
එතුමාණෝ මාගේ ගැළවීම ය.”
3ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය.
4ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය:
“සමිඳුන්ට තුති පුදන්න;
එතුමන්ගේ නම පවසා අයැදින්න.
එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න.
එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.
5“සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න;
මුළු ලොවට ම ඒ ගැන දන්වන්න.
6සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න;
ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
Currently Selected:
යෙසායා 12: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in