YouVersion Logo
Search Icon

හිතෝපදේශ 9

9
ප්‍රඥාව හා අඥානකම
1ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුළුණු සතක් සාදා ඇත.
2සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත.
3තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය:
4“අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.”
මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය:
5“එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න.
6අනුවණකම හැරදමා ජීවත් වන්න;
නැණනුවණ මාවතෙහි ගමන් කරන්න.”
7ගරහන්නෙකුට ඔවා බස් දෙන්නා හට ඇති වන්නේ ලජ්ජාව පමණ ය;
දුදනෙකුට තරවටු කරන්නා හට ඇති වන්නේ සිත් වේදනාව පමණ ය.
8ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න;
අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත.
නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.
9බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි.
දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.
10 # ජෝබ් 28:28; ගීතා 111:10; හිතෝ 1:7 දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
11ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.
12ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය;
ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.
13අමනකම වූ කලී, කටකාර, අනුවණ, විලිබිය නැති ගැහැණියක වැනි ය.
14ඇගේ ම ගෙදර දොරකඩ හෝ නගරයේ ඉහළ ම තැන්වල හෝ ඈ අසුන්ගන්නී ය.
15තමාගේ පාඩුවේ වැඩට යන මගීන් මුළා කරනු වස්
16ඈ මෙසේ කියන්නී ය:
“අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.”
ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය:
17“සොරාගත් වතුර ඉමිහිරි ය, සොරාගත් කෑම වඩා රස ය.”
18ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for හිතෝපදේශ 9