1
ද්විතීය නීති සංග්රහය 28:1
Sinhala New Revised Version 2018
“මා අද දින ඔබට නියම කරන අණපනත් සියල්ල පිළිපදින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නහු නම්, උන් වහන්සේ මිහි පිට සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කරන සේක.
Compare
Explore ද්විතීය නීති සංග්රහය 28:1
2
ද්විතීය නීති සංග්රහය 28:2
උන් වහන්සේගේ හඬට කීකරු වන්නහු නම්, පහත දැක්වෙන ආශීර්වාද සියල්ල ඔබ පිට පැමිණ ඔබ සමඟ වන්නේ ය.
Explore ද්විතීය නීති සංග්රහය 28:2
3
ද්විතීය නීති සංග්රහය 28:13
මා අද දින ඔබට අණ කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු වී, ඔබ ඒවා පිළිපදින්නහු නම්, සමිඳාණන් වහන්සේ ඔබ අන්තිමයන් නොකොට, ප්රධානීන් කරන සේක; පහත් නොකොට උසස් කරන සේක.
Explore ද්විතීය නීති සංග්රහය 28:13
4
ද්විතීය නීති සංග්රහය 28:12
උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය.
Explore ද්විතීය නීති සංග්රහය 28:12
5
ද්විතීය නීති සංග්රහය 28:7
“ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය.
Explore ද්විතීය නීති සංග්රහය 28:7
6
ද්විතීය නීති සංග්රහය 28:8
“ඔබේ ගබඩාවලට ද ඔබේ සියලු වැඩකටයුතුවලට ද සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබට ආශීර්වාද කරන සේක.
Explore ද්විතීය නීති සංග්රහය 28:8
7
ද්විතීය නීති සංග්රහය 28:6
“ඔබ ඇතුළට එන විට ද පිටතට යන විට ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.
Explore ද්විතීය නීති සංග්රහය 28:6
8
ද්විතීය නීති සංග්රහය 28:3
“ඔබේ නගරයේ දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. ඔබේ කෙත්වතුවල දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය.
Explore ද්විතීය නීති සංග්රහය 28:3
9
ද්විතීය නීති සංග්රහය 28:4
“ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ බෝ වීමට ද ආශීර්වාද ලැබෙන්නේ ය.
Explore ද්විතීය නීති සංග්රහය 28:4
10
ද්විතීය නීති සංග්රහය 28:9
“ඔබ උන් වහන්සේගේ ආඥා පිළිපැද දෙවි මඟ යන්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ දිවුළ ප්රකාර ඔබ උන් වහන්සේට කැප වූ සෙනඟක් කරගන්නා සේක.
Explore ද්විතීය නීති සංග්රහය 28:9
11
ද්විතීය නීති සංග්රහය 28:5
“ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද ආශීර්වාද ලැබෙන්නේ ය.
Explore ද්විතීය නීති සංග්රහය 28:5
12
ද්විතීය නීති සංග්රහය 28:11
සමිඳාණන් වහන්සේ ඔබට දෙනු පිණිස ඔබේ පියවරුන්ට දිවුළ දේශයේ දී උන් වහන්සේ ඔබට දරුසම්පත ද ගවසම්පත ද භවහෝගසම්පත ද බහුල ව දානය කරන සේක.
Explore ද්විතීය නීති සංග්රහය 28:11
13
ද්විතීය නීති සංග්රහය 28:10
උන් වහන්සේගේ නාමය ඔබ දරන බව දුටු විට, මිහි පිට සියලු ජාතීහු ඔබට බිය වන්නෝ ය.
Explore ද්විතීය නීති සංග්රහය 28:10
14
ද්විතීය නීති සංග්රහය 28:14
මා ඔබට මෙදින නියම කරන දේවල් ඔබ අකුරට ම පිළිපැදිය යුතු ය. අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය.”
Explore ද්විතීය නීති සංග්රහය 28:14
15
ද්විතීය නීති සංග්රහය 28:15
“මා අද දින ඔබට නියම කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝගයන් ද පිළිපදිනු සඳහා උන් වහන්සේගේ හඬට කීකරු නොවන්නහු නම්, පහත දක්වන සාප සියල්ල ද ඔබ වෙත පැමිණ, ඔබ සමඟ පවතින්නේ ය.
Explore ද්විතීය නීති සංග්රහය 28:15
Home
Bible
Plans
Videos