උත්පත්ති 10

10
නෝවාගෙන් පැවතාවුන් සහ ඔවුන්ගේ නිවාසස්ථාන
1ෂෙම්ද හාම්ද යඵෙත්ද යන නෝවාගේ පුත්‍රයන්ගේ පරම්පරාමේය. ජලගැලීමට පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නෝය.
2යඵෙත්ගේ පුත්‍රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය. 3ගොමෙර්ගේ පුත්‍රයෝනම්: අෂ්කෙනස්, රිඵත් සහ තොගර්මාය. 4යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම්වරු සහ දොදානිම්වරුය. 5මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.
6හාම්ගේ පුත්‍රයෝනම්: කූෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන්ය. 7කූෂ්ගේ පුත්‍රයෝ නම්: සෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකාය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය. 8කූෂ්ට දාව නිම්රොද් උපන්නේය. ඔහු පොළොවෙහි බලවන්තයෙක් වෙන්ට පටන්ගත්තේය. 9ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් විය. එබැවින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් වාගේයයි කීමක් විය. 10ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය. 11ඔහු ඒ දේශයෙන් අෂුර්ට පිටත්ව ගොස් නිනිවයද රෙහොබොත්-ඊර්ද කලාද 12නිනිවය සහ කලා අතරෙහි වූ රෙසෙන්ද ගොඩනැගුවේය. 13(එය මහත් නුවරය.) මිශ්‍රයිම්ට දාව ලූදිම්වරුද අනාමිම්වරුද ලෙහාබිම්වරුද නප්තුහිම්වරුද 14පත්රුසිම්වරුද කස්ලුහිම්වරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ මොවුන්ගෙන්ය) කප්තොරිම්වරුද උපන්නෝය.
15කානාන්ට දාව තමාගේ කුලුඳුලාවූ ශීදොන්ද හෙත්ද 16යෙබූසිවරුද අමෝරිවරුද ගිර්ගාෂිවරුද 17හිවීවරුද අර්කිවරුද සිනිවරුද 18අර්වාදිවරුද ශෙමාරිවරුද හමාතිවරුද උපන්නෝය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරගියෝය. 19කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය. 20තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත්‍රවලද තමන්ගේ භාෂාවලද ප්‍රකාරයටත් හාම්ගේ පුත්‍රයෝ නම් මොව්හුය.
21ඒබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ පියාද යඵෙත්ගේ වැඩිමහල් සහෝදරයාද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝය. 22ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලුද් සහ අරාම්ය. 23අරාම්ගේ පුත්‍රයෝනම්: ඌස්, හූල්, ගෙතෙර් සහ මෂ්ය. 24අර්පක්ෂද්ට දාව ෂෙලා උපන්නේය. ෂෙලාට දාව ඒබෙර් උපන්නේය. 25ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය, මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය. ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය. 26යොක්තාන්ට දාව ආල්මෝදාද්, ෂෙලෙප්, හශාර්මාවෙත්, යෙරා; 27හදෝරාම්, ඌසාල්, දික්ලා; 28ඕබාල්, අබිමායෙල්, ෂෙබා; 29ඕඵීර්, හවීලා සහ යෝබාබ් උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය. 30ඔවුන්ගේ වාසස්ථානය මේෂා පටන් නැගෙනහිර කන්ද වූ ෂෙඵාර් අතට වූයේය. 31තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත්‍රවලද තමන්ගේ භාෂාවලද ප්‍රකාරයටත් ෂෙම්ගේ පුත්‍රයෝනම් මොව්හුය.
32තමන්ගේ ජාතිවල තමන්ගේ පරම්පරාවන් ප්‍රකාරයට නෝවාගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල් නම් මේය. ජලගැලීමට පසු පොළොවෙහි මනුෂ්‍ය ජාතීහු මොවුන්ගෙන් බෙදීගියෝය.

Qhakambisa

Dlulisela

Qhathanisa

Kopisha

None

Ufuna ukuthi okuvelele kwakho kugcinwe kuwo wonke amadivayisi akho? Bhalisa noma ngena ngemvume