1
ශුද්ධවර මාක් 4:39-40
Sinhala New Revised Version 2018
උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය. උන් වහන්සේ ද, “ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක.
Compare
Explore ශුද්ධවර මාක් 4:39-40
2
ශුද්ධවර මාක් 4:41
ඔව්හු මහත් භීතියකින් ඇලළී, “මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.
Explore ශුද්ධවර මාක් 4:41
3
ශුද්ධවර මාක් 4:38
උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, “ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගාණක් නැද්දැ”යි ඇසූ හ.
Explore ශුද්ධවර මාක් 4:38
4
ශුද්ධවර මාක් 4:24
තවද, උන් වහන්සේ ඔවුන් අමතා, “ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ.
Explore ශුද්ධවර මාක් 4:24
5
ශුද්ධවර මාක් 4:26-27
තවද, උන් වහන්සේ කතා කරමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි; රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි.
Explore ශුද්ධවර මාක් 4:26-27
6
ශුද්ධවර මාක් 4:23
සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක.
Explore ශුද්ධවර මාක් 4:23
Home
Bible
Plans
Videos