උත්පත්ති 17
17
ගිවිසුම අලුත් කිරීම. චර්මඡේද්යය පිහිටුවීම
1ආබ්රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්රම්ට පෙනී: මම සර්වපරාක්රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න. 2මා සහ නුඹ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම නුඹ වැඩිකරන්නෙමියි ඔහුට කීසේක. 3එවිට ආබ්රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින්: 4බලව, මාගේ ගිවිසුම නුඹ සමඟය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය. 5නුඹේ නාමය තවත් ආබ්රම්යයි කියනු නොලබන්නේය, නුඹේ නාමය ආබ්රහම්#17:5 එනම්, සමූහයක පියාණෝය. වන්නේය; මක්නිසාද මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කෙළෙමි. 6මම නුඹ අතිශයින් බෝවෙන්ට සලස්වා නුඹෙන් ජාතීන් උපදවන්නෙමි, රජවරුද නුඹෙන් නික්මෙන්නෝය. 7නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි. 8නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක. 9තවද දෙවියන්වහන්සේ ආබ්රහම්ට කථාකොට: නුඹද නුඹෙන් පසුව සිටින නුඹේ වංශයද තමන්ගේ පරම්පරාවන්හි මාගේ ගිවිසුම රක්ෂාකළ යුතුය; 10මාද නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයද අතරෙහි නුඹලා විසින් රක්ෂාකළයුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරෙහි සියලු පිරිමින් චර්මඡේද්යය කිරීමය. 11නුඹලා නුඹලාගේ චර්මාග්ර මාංසයෙහි ඡේද්යකරනු ලබන්නහුය; ඒක මා සහ නුඹලා අතරෙහි ඇති ගිවිසුමක ලකුණක් වන්නේය. 12නුඹලාගේ පරම්පරාවන්හි නුඹලා අතරෙහි ගෙයි උපන් තැනැත්තා හෝ නුඹේ වංශයෙහි නොවන්නාවූ විදේශියෙකුගෙන් මිලේට ගන්නාලද තැනැත්තා හෝ අට දවසක් වයස්වූ සියලු පිරිමි චර්මඡේද්යයකරනු ලබන්නෝය. 13නුඹේ ගෙයි උපන් තැනැත්තාද නුඹ විසින් මිලයට ගන්නා ලද තැනැත්තාද චර්මඡේද්යයකරනු ලබන්ටම ඕනෑය. මෙසේ මාගේ ගිවිසුම සදාකාල ගිවිසුමක් පිණිස නුඹලාගේ මාංසයෙහි පවත්නේය. 14තමාගේ චර්මාග්ර මාංසය ඡේද්යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක.
ඊසාක් ගැන පොරොන්දුව
15තවද දෙවියන්වහන්සේ ආබ්රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා වන්නේය. 16මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් නුඹට පුත්රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක. 17එවිට ආබ්රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය. 18ආබ්රහම්: අහෝ; ඉෂ්මායෙල් ඔබවහන්සේ ඉදිරියෙහි ජීවත්වෙවයි දෙවියන්වහන්සේට කීය. 19දෙවියන්වහන්සේද: සැබවින්ම නුඹේ භාර්යාවවූ සාරා නුඹට පුත්රයෙකු බිහිකරන්නීය; නුඹ ඔහුට ඊසාක් යන නම තබන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමඟ පිහිටුවන්නෙමි. 20මම ඉෂ්මායෙල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි. 21එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක. 22එවිට දෙවියන්වහන්සේ ආබ්රහම් සමඟ කථාකිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක. 23එවිට ආබ්රහම් දෙවියන්වහන්සේ ඔහුට කී ලෙස එම දවසෙහිම තමාගේ පුත්රවූ ඉෂ්මායෙල්ද තමාගේ ගෙයි උපන් සියල්ලන්ද තමා මිලදී ගත් සියල්ලන්ද යන ආබ්රහම්ගේ ගෙයි මිනිසුන් අතරෙන් සියලු පිරිමින් රැගෙන ඔවුන්ගේ චර්මාග්ර මාංසය ඡේද්යය කෙළේය. 24ආබ්රහම් චර්මාග්ර මාංසය ඡේද්යය කරනු ලබන කල අවුරුදු අනූනවයක් වයස්ව සිටියේය. 25ඔහුගේ පුත්රවූ ඉෂ්මායෙල්ගේ චර්මාග්ර මාංසය ඡේද්යය කරනු ලබන කල ඔහු අවුරුදු දහතුනක් වයස්ව සිටියේය. 26එම දවසෙහිම ආබ්රහම්ද ඔහුගේ පුත්රවූ ඉෂ්මායෙල්ද චර්මඡේද්යය කරනු ලැබුවෝය. 27ගෙයි උපන්නෝද විදේශීන්ගෙන් මිලේට ගනු ලැබුවෝද යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමඟ චර්මඡේද්යය කරනු ලැබුවෝය.
Právě zvoleno:
උත්පත්ති 17: SROV
Zvýraznění
Sdílet
Kopírovat
Chceš mít své zvýrazněné verše uložené na všech zařízeních? Zaregistruj se nebo se přihlas
Ceylon Bible Society