මීකා 6
6
ඉශ්රායෙල්ට විරුද්ධ චෝදනා
1සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව නඟන චෝදනාවට සවන් දෙන්න. නැඟිට ඔබේ නඩුව කඳු ඉදිරියේ කියා සිටින්න. ඔබ කියන දේ කඳුවලට ඇසේ වා!
2එම්බා කඳු! සමිඳාණන් වහන්සේගේ චෝදනාවට කන් දෙන්න. පොළොවේ ස්ථිර අත්තිවාරම්, මේ පැමිණිල්ල අසන්න. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව කරන පැමිණිල්ලක් ඇත. උන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව චෝදනාවක් කරන්න යන සේක.
3“මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම් ද?
මම කුමකින් නුඹලා වෙහෙසට පත් කෙළෙම් ද?
මට පිළිතුරු දෙන්න.
4 #
නික්ම 4:10-16; 12:50-51; 15:20 මම නුඹලා, මිසරයෙන් පිටතට ගෙනාවෙමි;
වහල්කමේ නිවාසයෙන් මිදුවෙමි.
නුඹලාට මඟපෙන්වන පිණිස මෝසෙස් සමඟ ආරොන් ද මීරියම් ද නුඹලා වෙත එවීමි.
5 #
ගණන් 22:2—24:25; ජෝෂු 3:1—4:19 මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”
සමිඳුන්ට පුදන උත්තරීතර පූජාව
6මම සමිඳුන් අබිමුවට කුමක් රැගෙන පැමිණෙම් ද?
සගයේ දෙවිඳුන් හට කෙසේ නමදිම් ද?
දවන යාග පූජා ද අවුරුද්දක් වයසැති එළ වස්සන් ද රැගෙන පැමිණෙම් ද?
7දහස් ගණන් බැටළු පැටවුන්ටත්, දස දහස් ගණන් තෙල් ගංගාවලටත් සමිඳාණෝ ප්‍රසන්න වන සේක් ද?
මාගේ වරදට වන්දියක් වශයෙන් මාගේ කුලුඳුලා, මාගේ ආත්මයේ පාපය උදෙසා මාගේ දරුවා පූජා කරම් ද?
8එම්බා මනුෂ්‍යය!
යහපත් දේ කුමක් දැ යි සමිඳාණන් ඔබට පෙන්වා දී ඇත.
එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක් ද?
යුක්තිය ඉටු කිරීමත්, දයා පෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිඳුන් සමඟ හැසිරීමත් පමණකි.
නගරයේ අපරාධකරුවන්ට තර්ජන
9සමිඳාණන් වහන්සේ නගරයට මොරගසා මෙසේ වදාරන සේක: “සමිඳාණන් වහන්සේට ගරුබිය පෑම ඥානවන්ත ය. නාගරිකයෙනි, ගෝත්‍රිකයෙනි, සවන් දෙන්න. 10දුදනන්ගේ නිවෙස්වල ඔවුන් වංචාවෙන් ලබාගත් වස්තුව ඇත. මා ද්වේෂ කරන හොර මිනුම් ඔව්හු පාවිච්චි කරති. 11හොර තරාදි හා බොරු පඩි පාවිච්චි කරන අයට සමාව දිය හැකි ද? 12ධනපතීහු දුප්පතුන් සූරා කති. එහි වැසියෝ බොරු කියති. ඔවුන්ගේ කතාව වංචනික ය. 13එබැවින් නුඹලාගේ පාප නිසා නුඹලා වනසාලීමට මම පටන්ගෙන සිටිමි. 14නුඹලා කන නමුත්, තෘප්තියට නොපැමිණෙන්නහු ය; නුඹලා රැස් කරන නමුත්, රැකෙන්නේ නැත; නුඹලා යම් යම් දේ ගෙන ගියත්, නුඹලාගේ අදහස ඉෂ්ට වන්නේ නැත. නුඹලා රැකගන්න සියලු දේ මම යුද්ධයේ දී වනසමි. 15නුඹලා වපුරන නමුත්, අස්වැන්න කපා නොගන්නහු ය. ඔලීව පල මඩින නමුත්, තෙල ඇඟ ගල්වා නොගන්නහු ය. මිදි පල මිරිකන නමුත්, මිදියුස නොබොන්නහු ය. 16#1 රාජා 16:23-34; 21:25-26ඔම්රි රජුගේ අණපනත් ද, ආහබ්ගේ නපුරු ක්‍රියා ද නුඹලා අනුගමනය කළහු ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති නුඹලා පිළිපැද්දහු ය. ඒ නිසා මම නුඹලා විනාශයට පත් කර, නුඹලා එපා කළ සෙනඟක් කරන්නෙමි. හැම තැන සිටින සියලු ජනයා නුඹලාට අපහාස කරන්නෝ ය.”
Currently Selected:
මීකා 6: SNRV
Highlight
Share
Copy
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Fen.png&w=128&q=75)
Want to have your highlights saved across all your devices? Sign up or sign in