ද්විතීය නීති සංග්‍රහය 33
33
ඉශ්රායෙල් ගෝත්‍රවලට ආශීර්වාද කිරීම
1දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:
2“සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක.
පාරාන් කන්දේ සිට බැබළුණු සේක.
දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක.
දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක.
3එතුමාණෝ සිය සෙනඟට සැබැවින් ම ප්‍රේම කරන සේක, සියලු සැදැහැවත්හු එතුමන් අතෙහි ය;
ඔව්හු, ඔබේ පාමුල හිඳ ඔබේ වචන පිළිගන්නෝ ය;
4ජාකොබ්ගේ පෙළපතට උරුම කොට දුන් මෝසෙස් පැනවූ ව්‍යවස්ථා පිළිගන්නෝ ය.
5ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර ද ජන නායකයන් ද එක්රැස් වූ විට දෙවිඳාණෝ ඔවුන්ගේ රජ වූ සේක.
6“රූබන්ගේ පෙළපත කුඩා වුවත්, එය නොනැසී පවතී වා!”
7ජුදාගේ පෙළපත ගැන මෙසේ කී ය:
“සමිඳුනි, ජුදාගේ හඬට සවන් දුන මැනව.
සෙසු සෙනඟ වෙත ඔවුන් ගෙන ගිය මැනව.
ඔවුන් වෙනුවට සටන් කළ මැනව.
සතුරන්ට විරුද්ධ ව ඔවුන්ට සහාය වුව මැනව.”
8 #
නික්ම 17:7; 28:30; ගණන් 20:13 ලෙවීගේ පෙළපත ගැන මෙසේ කී ය:
“මස්සා, නම් ස්ථානයේ දී ඔබ පරීක්ෂා කළ, මෙරිබාහි උල්පත් ළඟ ඔබ සමඟ විවාද කළ සැදැහැවතුන්ට, ඌරිම් සහ තුම්මීම් දානය කළ මැනව.
9ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ;
සිය සෝයුරන් නොපිළිගත්හ;
සිය දරුදැරියන් නොදත්හ;
ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.
10ඔව්හු ජාකොබ්ගේ පෙළපතට නියෝග ද, ඉශ්රායෙල් ජනතාවට ව්‍යවස්ථාව ද උගන්වති;
ඔබ අබියස සුවඳ දුම් අල්ලති;
පුදසුන් මත දවන යාග පුදති.
11සමිඳුනි, ඔවුන්ගේ ශක්තියට ආසිරි දුන මැනව.
ඔවුන්ගේ අත්කම් පිළිගත මැනව.
ඔවුන්ට එරෙහි ව නැඟිටින්නන් ඔවුන්ගේ විරුද්ධවාදීන් යළිත් නොනැඟිටින ලෙස ඔවුන්ගේ තුනටියට පහර දුන මැනව.”
12බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය:
“එම්බා සමිඳුන්ගේ පෙම්වත!
එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත.
දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත.
එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.”
13ජෝසෙප්ගේ පෙළපත ගැන මෙසේ කී ය:
“සමිඳාණෝ ඔවුන්ගේ රටට ආසිරි වස්වනු සේක් වා!
අහසින් වැටෙන පිනි බිඳු සම්පත ද පොළොව යට ඇති අගනා සම්පත ද
14හිරු රැසින් උපදින ප්‍රණීත පල ද සඳ සමඟ උපදින වටිනා අස්වැන්න ද
15පැරණි උස කඳුකරයේ අගනා දේ ද සදාතන හෙල්වල වටිනා වස්තු ද
16ගොඩ මඩ සරුසාර අස්වැන්න ද පඳුරේ සිට කතා කළ තැනැන් වහන්සේගේ ප්‍රසාදය ද යන සියලු ආසිරි ජෝසෙප්ගේ පෙළපත පිට පහළ වේ වා!
සිය සොහොයුරන් අතර රජ කුමරු ඔහුගේ පරපුර පිට පහළ වේ වා!
17ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය;
ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය.
ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි.
එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”
18සාබුලොන්ගේ පෙළපත ගැන මෙසේ කී ය:
“එම්බා සාබුලොන්!
ඔබ පිටත යන විට ප්‍රීති වන්න.
එම්බා ඉස්සාකර්!
ඔබේ කූඩාරම් තුළ සිටින විට ප්‍රීති වන්න.
19ඔව්හු කන්දට සෙනඟ කැඳවති, දැහැමි පූජා එහි පුදති.
සමුදුරේ ඇති සම්පත ද වෙරළෙහි සැඟවුණු නිධානය ද ඔව්හු ඇදගනිති.”
20ගාද්ගේ පෙළපත ගැන මෙසේ කී ය:
“ගාද් දේශය පුළුල් කරන හිමි හට ආසිරි වේ වා!
ගාද් සිහදෙනක මෙන් නිදා සිටියි.
සතුරන්ගේ බාහුව හා හිස් මුදුන ඉරාදමයි.
21දේශයේ හොඳ ම කොටස ගාද් තමාට ම ගත්තේ ය.
නායකයාට හිමි පංගුව ඔහුට ම හිමි විය.
සෙනඟගේ ප්‍රධානීන් වෙතට පැමිණ ඉශ්රායෙල් ජනයා සමඟ සමිඳාණන්ගේ යුක්තිය ද එතුමන්ගේ අණපනත් ද ඔව්හු ඉටු කළෝ ය.”
22දාන්ගේ පෙළපත ගැන මෙසේ කී ය:
“දාන්, බාෂාන් සිට පැන එන්නෙකි;
සිංහ පොව්වෙකි.”
23නප්තලීගේ පෙළපත ගැන මෙසේ කී ය:
“එම්බා නප්තලී!
ප්‍රසාදයෙන් සෑහීමට පත්, සමිඳුන්ගේ ආසිරියෙන් පිරිපුන් ඔබ, අපර දිග ද දකුණු දිග ද හිමි කරගන්න.”
24ආෂෙර්ගේ පෙළපත ගැන මෙසේ කී ය:
“හැමට වඩා ආෂෙර්ට ආසිරි වේ වා!
තම සෝයුරන් අතර ප්‍රියමනාප වේ වා!
සිය පා, තෙලෙහි ගල්වා ගනී වා!
25ඔබ දොරටු අගුල් යකඩ සහ ලෝකඩින් වේ වා!
දිවි ඇති තාක් බලයෙන් වෙසේ වා!
26ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත.
එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.
27සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ!
එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ.
එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක.
‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.
28ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත.
ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත.
අහස් තලය පිනි බිඳු වස්වනු ඇත.
29එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ වාසනාවක මහත!
සමිඳු මිදූ සෙනඟකි, ඔබ. ඔබ හා සමාන කිසිවෙක් නැත.
ඔබට ආධාර වන පලිහ, ඔබට ජයසිරි දෙන කඩුව, සමිඳාණෝ ය.
ඔබේ සතුරෝ වැටී කමාව ඉල්ලා එන්නෝ ය.
ඔබ ඔවුන්ගේ ගිරිකුළු දේවාල පයින් පාගා පොඩි කරදමන්නහු ය.”
Currently Selected:
ද්විතීය නීති සංග්‍රහය 33: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in