ද්විතීය නීති සංග්‍රහය 24
24
දික්කසාද වීම සහ යළි විවාහ වීම
1 #
මතෙ 5:31; 19:7; මාක් 10:4 “යම් පුරුෂයෙකු කාන්තාවක පාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් නිසා ඈට අකමැති වුවහොත්, දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, තම ගෙදරින් ඇය පිට කළ යුතු ය. 2එම ගෙදරින් පිටතට ගිය පසු, ඈට වෙන පුරුෂයෙකුගේ බිරිඳක විය හැකි ය. 3මේ සැමියා ද ඇයට අකමැති වුවහොත් දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, සිය ගෙදරින් ඇය පිට කළ යුතු ය. ඇය සරණ පාවාගත් මේ සැමියා මියගියොත්, 4ඇය දූෂ්‍ය වී සිටින හෙයින්, ඇය පිට කළ පළමු ස්වාමි පුරුෂයාට තම බිරිඳ කොට ඇය පාවාගත නොහැකි ය. මෙසේ කිරීම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. මෙසේ කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි ජනතාව පිට වරද නොපැවරිය යුතු ය.
විවිධ නීති හා නියෝග
5“යම් පුරුෂයෙකු අලුතෙන් බිරිඳක පාවාගත් පසු, ඔහු යුද්ධයට පිටත් ව නොයා යුතු ය. වෙනත් රාජකාරි සම්බන්ධ වගකීමක් ඔහුට නොපැවරිය යුතු ය. අවුරුද්දක් ඔහු ගෙදර නැවතී සිට තමා පාවාගත් බිරිඳ සතුටු කළ යුතු ය.”
6“කිසිවෙකු සෙක්කුවක් හෝ ඇඹරුම් ගලක් හෝ උකස වශයෙන් නොගත යුතු ය. එසේ කිරීම යමෙකුගේ ජීවිතය උකසට ගන්නාක් මෙනි.
7 #
නික්ම 21:16
“යමෙකු ඉශ්රායෙල් ජනයා අතර කෙනෙකු පැහැරගෙන ඔහු වහලෙකු කළොත් හෝ ඔහු විකුණුවොත් හෝ එවැනි සොරෙකු මරාදැමිය යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු ය.
8 #
ලෙවී 13:1—14:54
“බෝවෙන චර්ම රෝගයක් සම්බන්ධයෙන් ලෙවීවරුන් වන පූජකවරුන් ඔබට උගන්වන සියල්ල හරියාකාර ඉටු කිරීමට සැලකිල්ල දැක්විය යුතු ය. මා ඔවුන්ට අණ දුන් ප්‍රකාර ඔබ ඒවා පිළිපැදීමට වගබලාගත යුතු ය. 9#ගණන් 12:10ඔබ මිසර දේශයෙන් නික්ම ආ පසු අතරමඟ දී දෙවි සමිඳාණන් වහන්සේ මීරියම් නම් කාන්තාවට කළ දේ සිහි කරන්න.
10 #
නික්ම 22:26-27
“ඔබේ සහෝදරයාට යමක් ණයට දුන් පසු, ඒ වෙනුවට උකසක් ගැනීම සඳහා ඔහුගේ ගෙදරට ඇතුළු නොවිය යුතු ය. 11ඔබ පිටත සිටින විට ඔබ යමක් ණයට දුන් තැනැත්තා උකස රැගෙන විත් ඔබට දෙනු ඇත. 12යමෙක් දිළිඳු නම්, ඔහු ඔබට උකසට දුන් වස්ත්‍රය රෑ කාලයේ තබා නොගත යුතු ය. 13කෙසේ හෝ වේවා, ඔහුට එම වස්ත්‍රය පොරවාගෙන නිදාගැනීමට හැකි වනු පිණිස ඉර බැස යන විට එම උකස් වස්ත්‍රය ඔහුට භාර දිය යුතු ය. එවිට ඔහු ඔබට ආසිරි දෙනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය ධර්මිෂ්ඨ ක්‍රියාවක් වන්නේ ය.
14 #
ලෙවී 19:13
“ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය. 15ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය.
16 #
2 රාජා 14:6; 2 වංශා 25:4; එසකි 18:20 “දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධවලට මරණයට පත් කරනු ලැබේ.
17 #
නික්ම 23:9; ලෙවී 19:33-34; ද්වි.නී. 27:19 “විදේශිකයන්ගේ ද අනාථයන්ගේ ද අයිතිවාසිකම් පැහැර නොගත යුතු ය. වැන්දඹුවකගේ වස්ත්‍ර ද උකසට නොගත යුතු ය.
18“ඔබ මිසර දේශයේ වහලෙකු ව සිටි බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාගත් බවත් සිහි කළ යුතු ය. මා ඔබට මේ දේවල් අණ කරන්නේ එබැවින් ය.
19 #
ලෙවී 19:9-10; 23:22 “ඔබ කෙතේ අස්වැන්න නෙළාගත් පසු, ගොයම් මිටියක් අමතක වුණොත් එය ගැනීමට ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. ඔබ මෙසේ කළොත්, ඔබේ සියලු වැඩපලවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක. 20ඔලීව ගස්වලින් පල නෙළන විට ද ඉතුරු වන ගෙඩි සොයාගෙන ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. 21මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. 22මිසර දේශයේ දී ඔබ වහලුන් ව සිටි බව සිහි කරන්න. මේ දේවල් මා ඔබට අණ කරන්නේ එබැවින් ය.
Currently Selected:
ද්විතීය නීති සංග්‍රහය 24: SNRV
Highlight
Share
Copy
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Fen.png&w=128&q=75)
Want to have your highlights saved across all your devices? Sign up or sign in