අාමොස් 1
1
1 #
2 රාජා 14:23-29; 15:1-7; 2 වංශා 26:1-23 මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.
2 #
ජෝවෙ 3:16
ආමොස් මෙසේ පැවසී ය:
“සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති;
ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති.
එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.”
සිරියාව පිළිබඳ දේව විනිශ්චය
3 #
යෙසා 17:1-3; ජෙර 49:23-27; සෙකරි 9:1 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දමස්කයේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් යකඩ කූරු ඇති කුළුගෙඩිවලින් තළා පෙළන්නා සේ ගිලියද් වැසියන් තළා පෙළූ නිසා ඔවුන්ට මම සත්තකින් ම දඬුවම් කරමි. 4සිරියා රාජ්‍යය පිට මම ගින්නක් එවමි. එයින් බෙන්-හදද්ගේ බලකොටු දවා අළු කර දමමි. 5දමස්කයේ වාසල් දොරටු සුණු විසුණු කොට, ආවෙන් මිටියාවතේ වැසියන් හා බෙත්-ඒදන්හි අධිපතියා ඉවත් කරන්නෙමි. සිරියාවේ ජනයා හිරකරුවන් වශයෙන් කීර් දේශයට ගෙනයනු ලබන්නෝ ය.” මේ සමිඳාණන් වහන්සේගේ වචනය වේ.
පිලිස්තිය පිළිබඳ දේව විනිශ්චය
6 #
යෙසා 14:29-31; ජෙර 47:1-7; එසකි 25:15-17; ජෝවෙ 3:4-8; ශෙප 2:4-7; සෙකරි 9:5-7 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ගාසාවේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, සත්තකින් ම ඔවුන්ට මම දඬුවම් කරමි. 7මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. 8අෂ්දොද් නගරයේ වැසියන් ද අෂ්කෙලොන් නගරයේ අධිපතියා ද මම නෙරපාදමා, එක්‍රොන් නගරයට පහර දෙමි. ඉතිරි වන පිලිස්තිවරුන් මිය යනු ඇත.” මේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය වේ.
තීර් පිළිබඳ දේව විනිශ්චය
9 #
යෙසා 23:1-18; එසකි 26:1—28:19; ජෝවෙ 3:4-8; සෙකරි 9:1-4; මතෙ 11:21-22; ලූක් 10:13-14 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත. 10තීර්හි පවුරු පිට මම ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.”
ඒදොම් පිළිබඳ දේව විනිශ්චය
11 #
යෙසා 34:5-17; 63:1-6; ජෙර 49:7-22; එසකි 25:12-14; 35:1-15; ඔබදි 1:14; මලාකි 1:2-5 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
“ඒදොම්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් නිර්දය ලෙස ඔවුන්ගේ සහෝදරයන් වන ඉශ්රායෙල්වරුන්ට කඩුවෙන් පහර දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් දෙමි. ඔවුන්ගේ ක්‍රෝධය දිළිහි දිළිහී ද උදහස පැසව පැසවා ද පැවතිණි. 12එබැවින් මම තේමාන් පිට ගින්නක් එවමි. එයින් බොශ්රාහි බලකොටු දවා අළු කර දමමි.”
අම්මොන් පිළිබඳ දේව විනිශ්චය
13 #
ජෙර 49:1-6; එසකි 21:28-32; 25:1-7; ශෙප 2:8-11 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
“අම්මොන්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් තමන්ගේ දේශ සීමාවන් පළල් කරගන්න පිණිස ගිලියද්හි ගැබිණියන් දෙපළු කර දැමූ නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. 14රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත. 15ඔවුන්ගේ රජු හා රාජ සෙනෙවියෝ වහල්කමට යන්නෝ ය.” මෙය සමිඳාණන් වහන්සේගේ වචනය වේ.
Currently Selected:
අාමොස් 1: SNRV
Highlight
Share
Copy
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Fen.png&w=128&q=75)
Want to have your highlights saved across all your devices? Sign up or sign in