2 වංශාවලිය 19
19
ජේහුගේ තරවටුව
1ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ජෙරුසලමේ තම මාලිගාවට සුව සේ හැරී ගියේ ය. 2එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ. 3එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය.
ජෙහෝෂාපාට් රජුගේ ප්‍රතිසංස්කරණ
4ජෙහෝෂාපාට් ජෙරුසලමෙහි කලක් වාසය කොට, බෙයර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳු රට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් නැවත හරවා ගත්තේ ය. 5ඔහු ජුදා දේශයේ සියලු බලකොටු නගරවල, නගරයක් නගරයක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කතා කොට, 6“ඔබ හැම කරන්නේ කුමක් ද කියා වග බලාගන්න. මන්ද, ඔබ විනිශ්චය කරන්නේ, මනුෂ්‍යයා උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා ය. විනිශ්චයයේ දී උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. 7එබැවින් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව ප්‍රවේසමින් ක්‍රියා කරන්න. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේ වංචාවක් වත්, අයුක්තියක් වත්, අල්ලස් ගැනීමක් වත් නොකරන කෙනෙකු වන බැවිනි”යි විනිශ්චයකාරයන්ට කීවේ ය.
8තවද, ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේ වෙනුවෙන් විනිශ්චය කිරීමටත්, නඩු හබ විසඳීමටත් ලෙවීවරුන්ගෙන් ද පූජකයන්ගෙන් ද ඉශ්රායෙල් පිය වංශවල ප්‍රධානීන්ගෙන් ද සමහර අය ජෙරුසලමට පත් කෙළේ ය. ඔව්හු ජෙරුසලමට හැරී ආවෝ ය. 9ඔහු ඔවුන්ට අණ කොට, “සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව විශ්වාසවන්තකමින් ද මුළු සිතින් ද මෙසේ කරන්න. 10තමන්ගේ නගරවල වාසය කරන ඔබේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැන වත්, ව්‍යවස්ථාව සහ ආඥාව ගැන වත්, පනත් හා විනිශ්චයයන් ගැන වත් ඔබ වෙත පැමිණෙන සියලු පැමිණිලිවල දී ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරදකාරයන් නොවන පිණිසත්, ඔබ සහ ඔබේ සහෝදරයන්ට විරුද්ධ ව උදහස නොපැමිණෙන පිණිසත් ඔවුන්ට අවවාද කරන්න. ඔබ වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න. 11මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය.
Currently Selected:
2 වංශාවලිය 19: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in