එසකියෙල්ගේ 6
6
රූප වන්දනාව හෙළා දැකීම
1සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න. 3‘එම්බා ඉශ්රායෙල්හි කඳු, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ පණිවුඩය අසන්නැ’යි කියන්න. කඳුවලටත්, මිටියාවත්වලටත්, නිම්නවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම, මම ම, නුඹලා පිට කඩුවක් පමුණුවා, නුඹලාගේ කඳු මත පූජාස්ථාන නැති කරන්නෙමි. 4නුඹලාගේ පූජාසන පාළු වන්නේ ය. නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලබන්නේ ය. නුඹලා අතරෙන් මරුමුවට පත් වූ අය නුඹලාගේ දේව රූප ඉදිරිපිට බිම හෙළන්නෙමි. 5ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි. 6නුඹලාගේ පූජාසන පාළු වී, නාස්ති වී, නුඹලාගේ දේව රූප කඩා දමනු ලැබ, ඒවා විනාශ වී නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත නැති වී යන පිණිස නුඹලාගේ සියලු වාසස්ථානවල නගර නටබුන් ගොඩක් වන්නේ ය. කඳු මත පූජාස්ථාන ද පාළු වන්නේ ය. 7මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
8“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත. 9නුඹලා අතරෙන් ගැළවෙන අය විප්‍රවාසයට ගෙනයනු ලැබූ විට ඒ ඒ ජාතීන් අතර මා සිහි කරනු ඇත. එසේ වන්නේ, මා වෙතින් වෙන් වී ගිය ඔවුන්ගේ අවිශ්වාසී සිත මා බිඳදැමූ විට ද මා තුළ විශ්වාසය නොතබා දේව රූප දෙසට හැරුණු ඔවුන්ගේ ඇස් අන්ධ කළ විට ද වේ. ඔවුන් කළ නපුරුකම් නිසා ද ඔවුන්ගේ ද්වේෂ සහගත ක්‍රියා නිසා ද ඔව්හු ඔවුන්ගේ ඇස් හමුයෙහි ම පිළිකුලක් වන්නෝ ය. 10මා සමිඳාණන් වහන්සේ බවත්, මේ විපත්ති ඔවුන් පිට පමුණුවන්නෙමි යි මා වදාළ වචන නිකරුණේ නොවදාළ බවත් ඔවුන් දැනගනු ඇත.”
ඉශ්රායෙල්වරුන්ගේ පාපය
11මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹේ දෑත මිරිකමින්, පොළොවේ අඩි හප්පමින්, ‘අහෝ! ඉශ්රායෙල් සෙනඟගේ සියලු නපුරු පිළිකුල් ක්‍රියා නිසා කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ඔව්හු වැටෙති’යි කියන්න. 12ඈත සිටින අය වසංගතයෙන් මැරෙනු ඇත; ළඟ සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; ඉතුරු වී සිට වටලනු ලබන අය සාගතයෙන් නසිනු ඇත. මෙසේ මාගේ කෝපයේ උග්‍රකම ඔවුන්ට දැනෙනු ඇත. 13උස් වූ සියලු හෙල්වලත්, සියලු කඳු මුදුන්වලත්, සියලු අතු පතර ඇති ගස් යටත්, අතු ඇති සියලු ආලෝන ගස් යටත් තමන්ගේ සියලු දේව රූපවලට මිහිරි සුවඳ ඔප්පු කළ සෑම පූජාසන වටකර මළකඳන් වැටී තිබෙන කල, මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත. 14මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”
Currently Selected:
එසකියෙල්ගේ 6: NRSV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society