හිතෝපදේශ 26
26
1ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබනේය.
2ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.
3අශ්වයාට කසයක්ද කොටළුවාට කටකලියාවක්ද අඥානයන්ගේ පිටට ඉපලක්ද වෙත්.
4නුඹත් අඥානයාට සමාන නොවන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න.
5අඥානයා තමා ප්‍රඥාවන්තයෙකැයි නොසිතන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තරදෙන්න.
6අඥානයෙකු අත පණිවිඩ අරින්නා තමාගේ පාද කපා දමා අලාභ විඳින්නේය.
7කොරෙකුගේ කකුල් වලංගු නැත;
අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාවත් එසේමය.
8අඥානයෙකුට ගෞරවය දෙන්නා ගල්#26:8 ඇතැම් පිටපතක: ගල් පටියක ගලක් බඳින්නෙකු මෙනි. ගොඩක තබනලද මැණික් පසුම්බිය මෙන්ය.
9අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාව බේබද්දෙක් අතින් වනන කටුගහක් මෙන්ය.
10අඥානයෙකු කුලියට ගන්නාද මග යන්නන් කුලියට ගන්නාද සියල්ලන්ට තුවාලකරන දුනුවායෙකු මෙනි.
11බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය.
12තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද?
ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
13අලසයා කථාකොට:
සිංහයෙක් මාර්ගයේ සිටියි;
වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය.
14දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක්මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය.
15අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය.
16අලසයා නුවණින් උත්තරදෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවතෙකැයි සිතන්නේය.
17පාරේ යමින් තමාට වැදගැන්මක් නැති ඩබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය.
18තමාගේ අසල්වාසියා රවටමින්:
මම සෙල්ලමට එය කෙළෙමියි කියන මනුෂ්‍යයා,
19තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය.
20දර නැති තැන ගින්න නිවීයයි;
එසේම කේලාම්කියන්නෙක් නැති කල තරඟය නවතින්නේය.
21ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.
22කේලාම්කියන්නෙකුගේ වචන රසවත් භෝජන මෙනි;
ඒවාත් බඩ තුළටම බැසයන්නේය.
23සිත නපුරුව තිබෙද්දී ජ්වලිතව තිබෙන තොල් රිදී බොර ගෑවාවූ මැටි භාජනයක්මෙනි.
24වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි.
25ඔහු ප්‍රිය වචන කථාකරන කල විශ්වාස නොකරන්න;
මක්නිසාද ඔහුගේ සිතේ පිළිකුල් කාරණා සතක් ඇත්තේය.
26ඔහුගේ වෛරය ප්‍රයෝගයෙන් වසා තිබෙන නුමුත් ඔහුගේ දුෂ්ටකම සභාව ඉදිරියෙහි එළිදරව්වන්නේය.
27වළක් හාරන්නා එහි වැටෙන්නේය;
ගලක් පෙරළාගන යන්නා පිටටම ඒක හැරී එන්නේය.
28බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි;
ඉච්චා මුඛයද නාස්තිය උපදවයි.
Currently Selected:
හිතෝපදේශ 26: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society