මලාකී 2
2
පූජකයින්ගේ දූෂ්‍යභාවය
1ඉතින් පූජකයෙනි, මේ ආඥාව නුඹලාටය. 2මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි. 3බලව, මම නුඹලා නිසා බීජ වලක්වමි, නුඹලාගේ මුහුණු පිට කසළ, එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ ඉසිමි; ඒවා සමඟ නුඹලා අහකට ගෙනයනු ලබනවා ඇත. 4එවිට මාගේ ගිවිසුම ලෙවී සමඟ පවතින පිණිස මේ ආඥාව මා විසින් නුඹලාට එවූ බව නුඹලා දැනගන්නවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 5ජීවනයද සමාදානයද ඇති මාගේ ගිවිසුම ඔහු සමඟ විය; භය ඇතුව සිටින පිණිස ඒවා ඔහුට දුනිමි, එසේ ඔහු භයව, මාගේ නාමය කෙරෙහි භයාදුකමින් සිටියේය. 6සැබෑකමේ ව්‍යවස්ථාව ඔහුගේ මුඛයෙහි තිබුණේය, අධර්මිෂ්ඨකමක් ඔහුගේ තොල්වල සම්බ නොවීය. ඔහු සමාදානයෙන්ද අවංකකමෙන්ද මා සමඟ හැසිර, බොහෝ දෙනෙකු අපරාධයෙන් හරවාගත්තේය. 7මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය. 8එහෙත් නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 9එබැවින් නුඹලා මාගේ මාර්ගයන් රක්ෂා නොකොට, ව්‍යවස්ථාව ගැන තරාතිරම් බලන ප්‍රකාරයටම, මමත් නුඹලා මුළු සෙනඟ ඉදිරියෙහි නීචවූ පහත්වූ අය කෙළෙමි.
අන්‍යජාති ස්ත්‍රීන් විවාහකර ගැනීම සහ අයුතු දික්කසාදයත් ගැන දොස් තැබීම
10අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැවුවේ එක දෙවියන්වහන්සේ නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම්කරමුද? 11යූදාවරු ද්‍රෝහිලෙස ක්‍රියාකළෝය, ඉශ්‍රායෙල්හිද යෙරුසලමෙහිද පිළිකුලක් කෙරී තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකළාවූ උන්වහන්සේගේ ශුද්ධකම යූදා කෙලහා, අන්‍ය දෙවියෙකුගේ දුව සරණපාවාගත්තේය. 12මෙසේ කරන මනුෂ්‍යයාගෙන් රැකවළා සහ උත්තරදෙන අයත් සේනාවල ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන්නාත් ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ කූඩාරම්වලින් සිඳදමනසේක. 13නුඹලා මේ කාරණය දෙවෙනි වරත් කර, ස්වාමීන්වහන්සේගේ පූජාසනය කඳුළුවලින්ද ඇඬීමෙන්ද සුසුම්ලෑමෙන්ද වසන්නහුය. එබැවින් උන්වහන්සේ පූජාව තවත් නොසලකනසේක, නුඹලාගේ අත්වලින් සතුටු සිතින් එය පිළිනොගන්නාසේක. 14එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය. 15ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා. 16මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.
17නුඹලාගේ වචනවලින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙහෙසූහුය. එහෙත්: අපි කුමකින් උන්වහන්සේ වෙහෙසූයෙමුදැයි නුඹලා අසන්නහුය. නපුර කරන සියල්ලෝම ස්වාමීන්වහන්සේ ඉදිරියේ යහපත්ය, උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නය; නැතහොත් යුක්තියේ දෙවියන්වහන්සේ කොතැනදැයි නුඹලා විසින් කීමෙන්ය.
Currently Selected:
මලාකී 2: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society