1
යාකොබ් 3:17
සිංහල කාලීන පරිවර්තනය
එහෙත් ඉහළින් එන ප්රඥාව පළමු කොට පවිත්ර ය; ඊ ළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය.
Compare
Explore යාකොබ් 3:17
2
යාකොබ් 3:13
ඔබ අතරේ නැණවතා හා බුද්ධිමතා කවුරු ද? ඔහු ඒ වග ප්රඥාවේ මෘදුකමින් තම ක්රියා, තම යහපත් පැවැත්මෙන් පෙන්නුම් කරත්වා.
Explore යාකොබ් 3:13
3
යාකොබ් 3:18
ධර්මිෂ්ඨකමේ අස්වැන්න සාමය සලසන්නන් විසින් සාමයෙන් වපුරන ලද්දේ ය.
Explore යාකොබ් 3:18
4
යාකොබ් 3:16
ඊර්ෂ්යාවත්, ආත්මාර්ථ අභිලාශයත් කොතැන ද අපිළිවෙලත්, සියලු ආකාර අධම ක්රියාත් එතැනම ය.
Explore යාකොබ් 3:16
5
යාකොබ් 3:9-10
එයින් අපේ ස්වාමින්වහන්සේ හා පියාණන්වහන්සේට ප්රශංසා කරන අපි, එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් මවනු ලැබූ මිනිසාට ශාප කරන්නෙමු. එකම මුවින් ප්රශංසාවත්, ශාපයත් නික්මෙයි. මා සහෝදරයිනි, මේ නම් නො විය යුත්තකි.
Explore යාකොබ් 3:9-10
6
යාකොබ් 3:6
දිව ගින්නකි. අධර්මිෂ්ඨකමේ ලෝකයකි. දිව අපේ අවයව අතර පිහිටා සිටිමින්, මුළු සිරුරේම ලප-පැල්ලම් ඇති කොට, මුළු මහත් ජීවිතයටම ගිනි තබයි; එය ගිනි අවුළුවා ගන්නේ නිරයෙන්ම ය.
Explore යාකොබ් 3:6
7
යාකොබ් 3:8
එහෙත් දිව දමනය කරන්නට හැකි මිනිසකු නැත. එය මරණීය විසෙන් පිරුණු කලබලකාරී නපුරකි.
Explore යාකොබ් 3:8
8
යාකොබ් 3:1
මා සහෝදරයිනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් නො විය යුතු ය. මන්ද ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අප වඩා දැඩි ලෙස විනිශ්චය කරනු ලබනු ඇත.
Explore යාකොබ් 3:1
Home
Bible
Plans
Videos