උන් වහන්සේ මට කතා කළ විට, දේවාත්මානුභාවය මා තුළට ඇතුල් වී මා නැඟිටුවා සිටෙව්වේ ය. මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධ ව කැරලි ගැසූ, කැරලිකාර ජාතියක් වන ඉශ්රායෙල්වරුන් වෙත මම නුඹ යවමි. ඔව්හු ද ඔවුන්ගේ පියවරු ද අද දවස දක්වා ම මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ.