ශු. යොහන් 17
17
යේසුස්වහන්සේගේ යාච්ඤාව
1යේසුස්වහන්සේ මේ දේවල් කියා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා කියනසේක්: පියාණෙනි, පැය පැමිණ තිබේ; 2ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව. 3සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය. 4ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දුකර පොළොවේදී ඔබ ගෞරවයට පැමිණවීමි. 5දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව. 6ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි. ඔව්හු ඔබ සන්තකවූවෝය, ඔබ ඔවුන් මට දුන්සේක; ඔව්හු ඔබගේ වචනය රක්ෂා කළෝය. 7ඔබ මට දුන් සියල්ලම ඔබගෙන් පැමුණුණ බව ඔව්හු දැන් දනිති. 8මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි; ඔව්හු ඒවා පිළිගෙන, මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන, ඔබ මා එවූ බව විශ්වාසකළෝය. 9මම ඔවුන් ගැන යාච්ඤාකරමි; ලෝකයා ගැන යාච්ඤා නොකරමි; නුමුත් ඔබ මට දුන් ඔවුන් ගැන යාච්ඤාකරමි; මක්නිසාද ඔව්හු ඔබගේය. 10මා සන්තක සියල්ල ඔබගේය, ඔබ සන්තක සියල්ල මාගේය. මමද ඔවුන් තුළ ගෞරවයට පැමිණ සිටිමි. 11මම ලෝකයෙහි තවත් නොසිටිමි, ඔව්හු ලෝකයෙහි සිටිති, මමද ඔබ ළඟට එමි. ශුද්ධවූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නාක්මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔවුන් ඔබගේ නාමයෙන් ආරක්ෂාකළ මැනව.
12මම ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂාකෙළෙමි. මම ඔවුන් ප්‍රවේසම්කෙළෙමි, ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නූණේය. 13නුමුත් දැන් ඔබ ළඟට එමි; මා ලෝකයෙහිදී මේ දේවල් කථාකරන්නේ ඔවුන් මාගේ ප්‍රීතිය තමුන් තුළ සම්පූර්ණලෙස ලබන පිණිසය. 14මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය. 15ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි. 16මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති. 17සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව. 18ඔබගේ වචනය සත්‍යතාවය. ඔබ මා ලෝකයට එවුවාක්මෙන්ම මමද ඔවුන් ලෝකයට යැවීමි. 19සත්‍යතාවෙන් ඔවුන්ද පවිත්‍රවන පිණිස ඔවුන් උදෙසා මා කැපකරගතිමි. 20මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා කෙරෙහි විශ්වාසකරන්නවුන් ගැනත්, 21ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාසකරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤාකරමි. 22අප ඒකත්වයක්ව සිටින්නා සේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. 23මෙසේ කෙළේ මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේමකළාක්මෙන් ඔවුන්ටත් ප්‍රේමකළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය. 24පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක. 25ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝකයා ඔබ හැඳින්නේ නැත, නුමුත් මම ඔබ හැඳින්නෙමි; මොව්හුද ඔබ විසින් මා එවූ බව දැනගත්තෝය. 26ඔබ මා කෙරෙහි ඇතුව සිටි ප්‍රේමය ඔවුන් තුළෙහිද මාත් ඔවුන් තුළෙහිද වන පිණිස ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමියි කීසේක.
Цяпер абрана:
ශු. යොහන් 17: SROV
Пазнака
Падзяліцца
Капіяваць

Хочаце, каб вашыя адзнакі былі захаваны на ўсіх вашых прыладах? Зарэгіструйцеся або ўвайдзіце
Ceylon Bible Society