1
ලූක් 12:40
සිංහල කාලීන පරිවර්තනය
එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයක දී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක.
Karşılaştır
ලූක් 12:40 keşfedin
2
ලූක් 12:31
එනමුත් උන්වහන්සේගේ රාජ්‍යයම සොයන්න. එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.
ලූක් 12:31 keşfedin
3
ලූක් 12:15
ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සියලු ආකාර තණ්හාවෙන් පරෙස්සම් වන්නට සිතට ගන්න. මිනිසකුගේ ජීවිතය ඔහුට හිමි වස්තු සම්භාරය මත රැඳී නැතැ” යි කී සේක.
ලූක් 12:15 keşfedin
4
ලූක් 12:34
මන්ද ඔබේ සම්පත් කොතැන ද ඔබේ සිතත් එතැනම ය.
ලූක් 12:34 keşfedin
5
ලූක් 12:25
කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද?
ලූක් 12:25 keşfedin
6
ලූක් 12:22
උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද කියා ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ශරීරය ගැනවත් කනස්සලු නො වන ලෙසයි.
ලූක් 12:22 keşfedin
7
ලූක් 12:7
සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.
ලූක් 12:7 keşfedin
8
ලූක් 12:32
“කුඩා රැළ, බය නො වන්න. මන්ද රාජ්‍යය ඔබට දීම, ඔබගේ පියාණන්වහන්සේගේ කැමැත්තයි.
ලූක් 12:32 keşfedin
9
ලූක් 12:24
කපුටන් ගැන සිතා බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත් නැත. උන්ට ගබඩා නැත; අටු-කොටු නැත. එහෙත් දෙවියන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. පක්ෂීන්ට වඩා ඔබ කොතරම් වටිනවා ද!
ලූක් 12:24 keşfedin
10
ලූක් 12:29
එබැවින් කන්නේ මොනවා ද බොන්නේ මොනවාදැයි නො සොයන්න; ඒ ගැන කනස්සලු නො වන්න.
ලූක් 12:29 keşfedin
11
ලූක් 12:28
අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, අද තිබී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ, ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද?
ලූක් 12:28 keşfedin
12
ලූක් 12:2
එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත; දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසිවක් ද නැත.
ලූක් 12:2 keşfedin
Ana Sayfa
Kutsal Kitap
Okuma Planları
Videolar