මතෙව් 6:6-10

මතෙව් 6:6-10 - එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගත ව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගත ව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත. ඔබ යාච්ඤා කරන කල, අන්‍ය-ජාතීන් මෙන් හිස් වචන ගොඩක් නො පවසන්න; මන්ද ඔවුන් සිතන්නේ තම වචන රාශිය නිසා එය අසනු ලැබේ ය කියා ය. ඔවුනට සමාන නො වන්න. මන්ද ඔබට අවශ්‍ය මොනවාදැයි ඔබ ඉල්ලන්නටත් පළමුවෙන් ඔබේ පියාණන්වහන්සේ දන්නා සේක.
“එබැවින් මෙලෙස යාච්ඤා කරන්න:
“ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස,
ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා,
ඔබගේ රාජ්‍යය පැමිණේවා,
ඔබගේ කැමැත්ත
ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා.
මතෙව් 6:6-10