සෙකරියා 4:8-10
සෙකරියා 4:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අනතුරුව, ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ කියමින්, මා වෙත පැමිණියේ ය: “සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මෙම ගෘහයේ අත්තිවාරම දැමිණි. ඔහුගේ අත් එම කාර්යය සම්පූර්ණ කෙරෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේ ම ඔබ වෙත මා එවූ වග එවිට ඔබ දැනගනු ඇත. “මන්ද කුඩා දෑහි දවස සුළුවට තැකුවේ කවුද? පොළොව මුළුල්ලේ ඔබ මොබ යන ස්වාමින්වහන්සේගේ සත් නේත්‍රයෝ සෙරුබ්බාබෙල් අත මුදුන් ගල තිබෙනු දකින විට ප්‍රීති වන්නාහ.”
සෙකරියා 4:8-10 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා එවූ බව නුඹ දැන ගන්නවා ඇත. මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.
සෙකරියා 4:8-10 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගෙන් තවත් පණිවුඩයක් මා වෙත පැමිණියේ ය. එය මෙසේ ය: “සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත. කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පොළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.
සෙකරියා 4:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේගෙන් තවත් පණිවුඩයක් මා වෙත පැමිණියේ ය. එය මෙසේ ය: “සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත. කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පොළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.
සෙකරියා 4:8-10 New International Version (NIV)
Then the word of the LORD came to me: “The hands of Zerubbabel have laid the foundation of this temple; his hands will also complete it. Then you will know that the LORD Almighty has sent me to you. “Who dares despise the day of small things, since the seven eyes of the LORD that range throughout the earth will rejoice when they see the chosen capstone in the hand of Zerubbabel?”