ප්‍රේම ගී 5:2 - Compare All Versions

ප්‍රේම ගී 5:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මම නිදා ගත්තෙමි; එහෙත් මගේ හද අවදියෙන් ය. අන්න! මගේ ප්‍රේමවන්තයා තට්ටු කරන හඬ: “දොර අරින්න මට, මගේ නගේ, මගේ සොඳුරියේ; මගේ පරෙවි කිරිල්ලියේ, මගේ පරිපූර්ණ ලියේ, මගේ හිස පින්නෙන් පෙඟී, මගේ හිසකේ රෑ පිනි බිඳුවලින් තෙත් වී ඇත.”

බෙදාගන්න
ප්‍රේම ගී 5 SCV

ප්‍රේම ගී 5:2 SROV (Sinhala Revised Old Version)

මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.

බෙදාගන්න
ප්‍රේම ගී 5 SROV

ප්‍රේම ගී 5:2 NRSV (Sinhala New Revised Version)

මම නිදාගෙන සිටියෙමි. එහෙත්, මාගේ සිත පිබිද තිබිණි. අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ඔහු මා අමතමින් මෙසේ කී ය; මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න. මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ.

බෙදාගන්න
ප්‍රේම ගී 5 NRSV

ප්‍රේම ගී 5:2 SNRV (Sinhala New Revised Version 2018)

මම නිදාගෙන සිටියෙමි. එහෙත්, මාගේ සිත පිබිද තිබිණි. අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ඔහු මා අමතමින් මෙසේ කී ය; මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න. මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ.

බෙදාගන්න
ප්‍රේම ගී 5 SNRV

ප්‍රේම ගී 5:2 NIV (New International Version)

I slept but my heart was awake. Listen! My beloved is knocking: “Open to me, my sister, my darling, my dove, my flawless one. My head is drenched with dew, my hair with the dampness of the night.”

බෙදාගන්න
ප්‍රේම ගී 5 NIV