රූත්ගේ කථාව 4:9-17

රූත්ගේ කථාව 4:9-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට බෝවස් වැඩිහිටියන් සියලු දෙනා අමතමින්, “එලීමෙලෙක්ට අයිති ව තිබූ සියල්ල ද කිලියොන්ට හා මාලොන්ට අයිති ව තිබූ සියල්ල ද නායොමිගෙන් මා මිලයට ගත් වගට අද ඔබ සාක්ෂිකරුවෝ ය. තවද, මළ මිනිසාගේ නාමය, ඔහුගේ පෙළපත් අතරින් හා නගර ලේඛනවලින් බැහැර නො වන්නට මළ මිනිසාගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය ද බල පැවැත්වෙන පිණිස, මාලොන්ගේ වැන්දඹුව වූ මෝවබිය රූත් මගේ බිරිඳ වශයෙන් මා අත්කර ගත් වගට ද අද දවසේ ඔබ සාක්ෂිකරුවෝ යැ” යි පැවසී ය. එවිට නගර දොරටුවේ සිටි සියල්ලෝ හා වැඩිහිටියෝ, “අපි සාක්ෂිකරුවෝයි. ඔබේ නිවසට එන කාන්තාව, ඉශ්‍රායෙල් වංශය එක් ව ගොඩ නැංවූ රාඛෙල් හා ලෙයා වාගේ වන්නට ස්වාමින්වහන්සේ සලස්වන සේක්වා! ඔබ එෆ්‍රාතාහි සමෘද්ධිමත් වී, බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේවා! මෙම තරුණ කාන්තාව තුළින් ස්වාමින්වහන්සේ ඔබට ලබා දෙන දරු පරපුර තුළින් ඔබගේ වංශය, යූදාට දාව තාමාර් බිහි කළ පෙරෙස්ගේ වංශය මෙන් වේවා!” යි කීහ. බෝවස් මෙසේ, රූත් අත්කර ගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇය හා එක් වූ කල, ඇයට ගැබ් ගන්නට ස්වාමින්වහන්සේ සැලසූ සේක. ඈ පුතකු බිහි කළා ය. එවිට කාන්තාවෝ නායොමි අමතමින්, “අද දවසේ, මිදීම සිදු කළ හැකි නෑයකු ඔබට අහිමි නො කළ ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ඔහුගේ නාමය ඉශ්‍රායෙලය පුරා කීර්තිමත් වේවා! ඔහු, ඔබට ජීවිතය අලුත් කරන්නෙක් ද ඔබේ මහලු වියේදී ඔබ නඩත්තු කරන්නෙක් ද වේවා! මන්ද, ඔහු බිහි කරනු ලැබ ඇත්තේ, ඔබට ප්‍රේම කරන, පුතුන් හත් දෙනකුටත් වඩා ඔබට අගනා ඔබේ ලේළිය විසිනැ” යි කීහ. එවිට නායොමි දරුවා ගෙන, තම උකුළේ හොවා, ඔහුගේ ඇතිදැඩි කරන්නිය වූවා ය. අසල්වැසි කාන්තාවෝ, “නායොමිට පුතකු ඉපදී ඇතැ” යි කියමින්, ඔහුට ඕබේද් යන නම තැබූහ. දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පියා ඔහු ය.

රූත්ගේ කථාව 4:9-17 Sinhala Revised Old Version (SROV)

බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය. ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය. දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න. ස්වාමීන්වහන්සේ මේ යෞවනීගෙන් නුඹට දෙන බීජය කරණකොටගෙන නුඹේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවේවයි කීවෝය. මෙසේ බෝවස් රූත් පාවාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඈ වෙතට පැමිණි කල ස්වාමීන්වහන්සේ ඈට ගර්භෝත්පත්තිය දුන්සේක, ඈ පුත්‍රයෙකු බිහිකළාය. ස්ත්‍රියෝ නායොමිට කථාකොට: අද නුඹට ළඟ නෑයෙක් නැතුව සිටින්ට නෑරියාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, ඔහුගේ නාමය ඉශ්‍රායෙල්හි කීර්තිමත් වේවා. ඔහු වනාහි නුඹේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද නුඹේ මහලු වයසේදී නුඹ පෝෂ්‍යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද නුඹට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා නුඹට යහපත් වූද නුඹේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය. නායොමි ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය. අසල්වාසි ස්ත්‍රියෝ: නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.

රූත්ගේ කථාව 4:9-17 Sinhala New Revised Version (NRSV)

එවිට එතැන සිටි ප්‍රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය. තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.” “ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්‍රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්‍රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්‍රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා! සමිඳාණන් වහන්සේ මේ කාන්තාවගෙන් ඔබට දෙන දරුවන් කරණකොටගෙන ඔබේ පවුල ජුදාගේ ද තාමාර්ගේ ද පුත් පෙරෙශ්ගේ වංශය මෙන් වේ වා!” මෙසේ බෝවස් සිය භාර්යාව ලෙස රූත් පෙළවහට ගත්තේ ය. ඔහු ඈ සමඟ එක් වූ විට සමිඳාණන් වහන්සේ ඇය පිළිසිඳ ගැනීමට සැලැසූ සේක. ඈ පුතෙකු ලැබුවා ය. ස්ත්‍රීහු නයෝමිට කතා කොට, “සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබ රැකබලාගැනීමට උන් වහන්සේ ඔබට පුතෙකු දී තිබේ. ඒ දරුවා ඉශ්රායෙල්හි ප්‍රසිද්ධ වේ වා! ඔහු ඔබට නව ජීවනයක් ලබා දී ඔබේ මහලු කාලයේ දී ඔබට ආරක්ෂාව සලසනු ඇත. මන්ද, ඔබට ආදරය කරන, පුතුන් හත්දෙනකුට වඩා ඔබට වැඩදායක වන ඔබේ ලේලී ඒ දරුවා ලබා ඇතැ”යි කීවෝ ය. නයෝමි ඒ දරුවා වඩාගෙන ළයෙහි හොවා රැකබලාගත්තා ය. අසල්වැසි ස්ත්‍රීහු, “නයෝමිට පුතෙක් උපන්නේ යැ”යි කියමින්, ඔහුට ඕබෙද් යන නම තැබූ හ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය.

රූත්ගේ කථාව 4:9-17 Sinhala New Revised Version 2018 (SNRV)

රූත්ගේ කථාව 4:9-17 New International Version (NIV)

Then Boaz announced to the elders and all the people, “Today you are witnesses that I have bought from Naomi all the property of Elimelek, Kilion and Mahlon. I have also acquired Ruth the Moabite, Mahlon’s widow, as my wife, in order to maintain the name of the dead with his property, so that his name will not disappear from among his family or from his hometown. Today you are witnesses!” Then the elders and all the people at the gate said, “We are witnesses. May the LORD make the woman who is coming into your home like Rachel and Leah, who together built up the family of Israel. May you have standing in Ephrathah and be famous in Bethlehem. Through the offspring the LORD gives you by this young woman, may your family be like that of Perez, whom Tamar bore to Judah.” So Boaz took Ruth and she became his wife. When he made love to her, the LORD enabled her to conceive, and she gave birth to a son. The women said to Naomi: “Praise be to the LORD, who this day has not left you without a guardian-redeemer. May he become famous throughout Israel! He will renew your life and sustain you in your old age. For your daughter-in-law, who loves you and who is better to you than seven sons, has given him birth.” Then Naomi took the child in her arms and cared for him. The women living there said, “Naomi has a son!” And they named him Obed. He was the father of Jesse, the father of David.