රූත්ගේ කථාව 4:1-2 - Compare All Versions

රූත්ගේ කථාව 4:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මේ අතර බෝවස් නගර දොරටු වෙත ගොස්, එහි අසුන් ගත්තේ ය. එවිට, කලින් ඔහු සඳහන් කළ, මිදීම සිදු කළ හැකි නෑයා එතැනින් ගමන් ගත්තේ ය. එවිට බෝවස්, “ඒයි යාළුවා, මෙහෙ එන්න; ඇවිත් මෙහි හිඳ ගන්නැ” යි කීවේ ය. ඔහු පැමිණ, හිඳ ගත්තේ ය. බෝවස්, නගර වැඩිහිටියන් දස දෙනකු කැඳවා, “මෙහි ඉඳගන්නැ” යි කීවේ ය. ඔවුහු ද ඉඳගත්හ.

රූත්ගේ කථාව 4:1-2 SROV (Sinhala Revised Old Version)

බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නෑයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! නුඹද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය. එවිට ඔහු නුවර වැඩිමහල්ලන්ගෙන් දසදෙනෙක් කැඳවාගන: නුඹලාත් මෙහි වාඩිවෙන්නැයි කීවේය. ඔව්හුද වාඩිවුණෝය.

රූත්ගේ කථාව 4:1-2 NRSV (Sinhala New Revised Version)

බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේ ය. නොබෝ වේලාවකින්, ඔහු කලින් සඳහන් කළ එලිමෙලෙක්ගේ කිට්ටු නෑයා එතැනට පැමිණියේ ය. බෝවස් ඔහුගේ නම කියා අමතමින්, “මිත්‍රය, මෙහි අවුත් වාඩිවන්නැ”යි ඔහුට කී ය. ඔහු එහි ගොස් වාඩි විය. එවිට බෝවස් ප්‍රජා මූලිකයන් දසදෙනෙකු කැඳවාගෙන, “මෙහි වාඩි ගන්නැ”යි ඔවුන්ටත් කී ය.

රූත්ගේ කථාව 4:1-2 SNRV (Sinhala New Revised Version 2018)

බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේ ය. නොබෝ වේලාවකින්, ඔහු කලින් සඳහන් කළ එලිමෙලෙක්ගේ කිට්ටු නෑයා එතැනට පැමිණියේ ය. බෝවස් ඔහුගේ නම කියා අමතමින්, “මිත්‍රය, මෙහි අවුත් වාඩිවන්නැ”යි ඔහුට කී ය. ඔහු එහි ගොස් වාඩි විය. එවිට බෝවස් ප්‍රජා මූලිකයන් දසදෙනෙකු කැඳවාගෙන, “මෙහි වාඩි ගන්නැ”යි ඔවුන්ටත් කී ය.

රූත්ගේ කථාව 4:1-2 NIV (New International Version)

Meanwhile Boaz went up to the town gate and sat down there just as the guardian-redeemer he had mentioned came along. Boaz said, “Come over here, my friend, and sit down.” So he went over and sat down. Boaz took ten of the elders of the town and said, “Sit here,” and they did so.