රෝම 15:20-24

රෝම 15:20-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අන් කෙනකු දැමූ අත්තිවාරමක් මත ගොඩ නැගීමට සිදු නො වන පිණිස, හැම විට මගේ අභිලාෂය වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන් නො වූ තැන්වල ශුභාරංචිය දේශනා කිරීම ය. ඒ, ලියා ඇති පරිද්දෙනි: “උන්වහන්සේ ගැන කිසි දා දන්වනු නො ලැබූ අය දකිනු ඇත. තවද උන්වහන්සේ ගැන කිසි දා නෑසූ අය වටහා ගනු ඇත.” ඔබ වෙත ඒමෙන් බොහෝ වර මා වළකන ලද්දේ ඒ හේතුව නිසා ය. එහෙත් දැන්, තවදුරටත් මෙපෙදෙස්හි මට ඉඩක් ඉතිරි ව නැති නිසාත්, බොහෝ කලෙක පටන් ඔබ වෙත එන්නට මා ආශාවෙන් සිටි නිසාත්, මා, ඔබ පසු කර ස්පාඤ්ඤයට යන ගමනේදී ඔබ හමුවීමටත්, එසේ මද කලක් ඔබගේ ඇසුරේ ප්‍රීතිය විඳි පසු, එතැන් පටන් මගේ ගමනට ඔබගෙන් උපකාර ලැබීමටත් බලාපොරොත්තු වෙමි.

බෙදාගන්න
රෝම 15 කියවන්න

රෝම 15:20-24 Sinhala Revised Old Version (SROV)

එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව: උන්වහන්සේ ගැන ආරංචි නොලැබූ අය දකින්නෝය, උන්වහන්සේ ගැන නෑසූ අය තේරුම්ගන්නෝයයි ලියා තිබෙන ලෙස, ශුභාරංචිය දේශනාකරන්ට අභිප්‍රායකෙළෙමි. නුඹලා ළඟට මාගේ ඊම කීප වරක් වැලකුණෙත් ඒ නිසාය. නුමුත් දැන් මේ රටවල මට තවත් ඉඩක් නැති බැවින්ද, බොහෝ අවුරුදු ගණනක පටන් නුඹලා ළඟට එන්ට මහත් ආශාවක් මට තිබෙන බැවින්ද, මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමනේදී නුඹලා දකින්ටත්, නුඹලා එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු නුඹලා විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.)

බෙදාගන්න
රෝම 15 කියවන්න

රෝම 15:20-24 Sinhala New Revised Version (NRSV)

හැම විට ම මාගේ පරමාර්ථය වූයේ, අන් කෙනෙකු දැමූ පදනමක් පිට ගොඩනැඟීමෙන් වැළකෙන පිණිස, කවරදා වත් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය සඳහන් නොවූ තැන්වල සුබ අස්න දේශනා කිරීම ය. මන්ද: “උන් වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන් වහන්සේ දකිති. උන් වහන්සේ ගැන නෑසූ අය උන් වහන්සේ තේරුම්ගනිති”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. ඔබ වෙත මාගේ පැමිණීම කීප වරක් වැළකුණේ ඒ නිසා ය. එහෙත් දැන් මේ පෙදෙස්වල මාගේ සේවයට තවත් ඉඩක් නැති බැවින් ද කවදා හෝ ස්පාඤ්ඤයට යන ගමන් ඔබ වෙත එන්නට ආශාවක් අවුරුදු ගණනාවක් තුළ මට තිබුණු බැවින් ද එහි යන විට රෝමයට එන්නට බලාපොරොත්තු වෙමි. එසේ යද්දී ඔබ දකින්ට ද, ටික කලක් ඔබ සමඟ නැවතීමේ ප්‍රීතිය විඳින්න ද ඉන්පසු ඔබේ ආධාරත් ඇති ව ඒ ගමන යන්න ද බලාපොරොත්තු වෙමි.

බෙදාගන්න
රෝම 15 කියවන්න

රෝම 15:20-24 Sinhala New Revised Version 2018 (SNRV)