ගීතාවලිය 91:1-15

ගීතාවලිය 91:1-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා, සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණැල්ලෙහි සැනසිල්ල ලබන්නේ ය. ස්වාමින්වහන්සේ ගැන මම මෙසේ පවසමි, “උන්වහන්සේ මගේ සරණය ය; මගේ බළකොටුව ය; මා විශ්වාසය තබන දෙවියන්වහන්සේ ය.” සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද මාරක වසංගතවලින් ද උන්වහන්සේ ඔබ මුදන සේක. උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක; උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත; උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය. රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත. අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ. ඔබ පසෙක දහසක් දෙනකු වැටී ගියත්, ඔබේ දකුණු පස දස දහසක් වැටී ගියත්, කිසි අනතුරක් ඔබට ළං නො වේ. ඔබ දෙනෙත් යොමා, බලා සිටිනවා පමණි, දුදනන් පිටට එන දඬුවම, එවිට ඔබ දකිනු ඇත. මගේ රැකවරණය වූ ස්වාමින්වහන්සේ, එනම්, මහෝත්තමයාණන්, ඔබගේ වාසස්ථානය කර ගන්නේ නම්, කිසි උපද්‍රවයක් ඔබ පිට නො පැමිණෙනු ඇත, කිසි විපත්තියක් ඔබේ කූඩාරමට ළං නො වනු ඇත. මන්ද ඔබගේ හැම මාර්ගයක ම ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක. ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත්තේ, ඔබගේ පාද, ගලක නො වදින ලෙසට ය. ඔබ සිංහයාත්, නාගයාත් පාගා දමනු ඇත; ඔබ බියකරු සිංහයාත්, විසකුරු සර්පයාත් පාගා දමනු ඇත. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, “ඔහු මට ප්‍රේම කරන නිසා, මම ඔහු මුදා ගන්නෙමි. ඔහු මගේ නාමය පිළිගන්න නිසා, මම ඔහු ආරක්ෂා කරන්නෙමි. ඔහු මා අමතන කල, මම ඔහුට උත්තර දෙන්නෙමි; කරදර විපත්හි දී මම ඔහු සමඟ සිටින්නෙමි; මම ඔහු මුදා ගෙන, ඔහු ගෞරවයට පමුණුවමි.

ගීතාවලිය 91:1-15 Sinhala Revised Old Version (SROV)

මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි. මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද නුඹ මුදාහරිනසේක. උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය. රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය. නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය නුඹට ළං නොවන්නේය. නුඹේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය. මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය; නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය. මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක. ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලාගන්නෝය. නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය. ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි. ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.

ගීතාවලිය 91:1-15 Sinhala New Revised Version (NRSV)

පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.” එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක. සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය. රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය. අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය. දහසක් ඔබේ වම් පසින් ද දස දහසක් ඔබේ දකුණු පසින් ද වැටෙන්නෝ ය. එහෙත්, පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ ය. ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය. ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය. පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය. එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය. ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක. ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය. ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි. ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.

ගීතාවලිය 91:1-15 Sinhala New Revised Version 2018 (SNRV)

පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමාණෝ කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.” එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක. සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමාණන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය. රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය. අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය. දහසක් ඔබේ වම් පසින් ද දස දහසක් ඔබේ දකුණු පසින් ද වැටෙන්නෝ ය. එහෙත්, පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ ය. ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය. ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය. පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය. එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය. ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක. ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය. ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි. ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.

ගීතාවලිය 91:1-15

ගීතාවලිය 91:1-15 SROV