ගීතාවලිය 9:1-10
ගීතාවලිය 9:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, මගේ මුළු හදින් මම ඔබට ස්තුති පුදන්නෙමි. ඔබ සිදු කළ සකල අසිරිමත් ක්‍රියා ගැන මම පවසන්නෙමි. ඔබ තුළ මම ප්‍රීති වන්නෙමි; ප්‍රමෝද වන්නෙමි. ඔබගේ නාමයට මම පැසසුම් ගී ගයන්නෙමි, මහෝත්තමයාණනි. මගේ සතුරෝ ආපසු හැරුණු කල, ඔබ අබියස පැකිළී, වැනසෙති. මන්ද, ඔබ මගේ නඩුව අසා, මට පක්ෂ ව තීන්දුව දුන් සේක; ඔබගේ සිංහාසනයේ හිඳිමින් ඔබ ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන සේක. ඔබ, ජාතීන්ට දෝෂාරෝපණ කළ සේක්, දුෂ්ටයින් විනාශ කර දැමූ සේක; ඔබ, ඔවුන් ගැන මතකය පවා සදහට ම මකා දැමූ සේක. සදාතනික විනාශයකින් සතුරා යට ව ගියේ ය. ඔවුන්ගේ පුර නගර ඔබ මුලිනුපුටා දැමූ සේක්, ඒවායේ මතකය පවා නැත්තට ම නැති කළ සේක. ස්වාමින්වහන්සේ සදහට ම රජකම් කරන සේක; විනිශ්චය පිණිස උන්වහන්සේ තම සිංහාසනය ස්ථාපිත කළ සේක; ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක; සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක. ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි; දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි. සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති; මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත.
ගීතාවලිය 9:1-10 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි. ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි. මාගේ සතුරන් ආපසු හැරෙන කල, ඔව්හු ඔබ ඉදිරියෙහි පැකිල විනාශවෙති. මක්නිසාද ඔබ මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක; ඔබ ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරමින් සිංහාසනයෙහි වැඩහුන්සේක. ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක. සතුරෝ කෙළවරකට පැමිණියෝය, ඔව්හුද ඔබ විසින් පෙරළාදැමූ නුවරවල්ද සදාකාලයටම නාස්තිවූය; ඒවා ගැන සිහිවීම පවා නැතිවිය. එහෙත් ස්වාමීන්වහන්සේ සදාකල්ම රජව වැඩහිඳිනසේක. උන්වහන්සේ තමන් සිංහාසනය විනිශ්චය පිණිස පිළියෙළකළසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකයා විනිශ්චයකරනසේක, අවංකකමින් ජනයන්ට යුක්තිය සලස්වාදෙනසේක. ස්වාමීන්වහන්සේ පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක; ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක.
ගීතාවලිය 9:1-10 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි; ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි. ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති. සාධාරණ විනිසකරුනි, සිහසුන් අරා ඔබ වැඩ හිඳින සේක; මා ගැන නඩුව අසා මට යුක්තිය ඉටු කළ සේක. ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක. සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත. ඒවායේ නම්ගම් මතකයෙන් පහකර ඇත. ඔවුන් සදාකල් විනාශයට පැමිණෙවු සේක. සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක. සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි. ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.
ගීතාවලිය 9:1-10 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි; ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි. ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති. මාගේ සාධාරණ පැමිණිල්ල අසා මට යුක්තිය ඉෂ්ට කළ සේක; ඔබ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරමින් සිංහාසනයෙහි වැඩහුන් සේක. ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක. සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත. ඒවායේ නම්ගම් මතකයෙන් පහකර ඇත. ඔවුන් සදාකල් විනාශයට පැමිණෙවු සේක. සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක. සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි. ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.
ගීතාවලිය 9:1-10 New International Version (NIV)
I will give thanks to you, LORD, with all my heart; I will tell of all your wonderful deeds. I will be glad and rejoice in you; I will sing the praises of your name, O Most High. My enemies turn back; they stumble and perish before you. For you have upheld my right and my cause, sitting enthroned as the righteous judge. You have rebuked the nations and destroyed the wicked; you have blotted out their name for ever and ever. Endless ruin has overtaken my enemies, you have uprooted their cities; even the memory of them has perished. The LORD reigns forever; he has established his throne for judgment. He rules the world in righteousness and judges the peoples with equity. The LORD is a refuge for the oppressed, a stronghold in times of trouble. Those who know your name trust in you, for you, LORD, have never forsaken those who seek you.
