ගීතාවලිය 71:14-18
ගීතාවලිය 71:14-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මම දිගට ම බලාපොරොත්තු වන්නෙමි; වඩ වඩාත් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. මගේ මුවින් ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පවසන්නෙමි, දවස පුරා ම ඔබෙන් ලැබෙන ගැලවීම ගැන පවසන්නෙමි, ඒවා මගේ වැටහීමටත් වඩා වැඩි ය. ඔබගේ බලගතු ක්‍රියා ප්‍රකාශ කරමින්, මම එන්නෙමි අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨභාවය, ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පමණක් මම සඳහන් කරන්නෙමි. අහෝ දෙවියන්වහන්ස, බාල කාලයේ පටන් ඔබ මට ඉගැන් වූ සේක; අද දවසේ ඔබගේ අපූර්ව ක්‍රියා මම ප්‍රකාශ කරන්නෙමි. ඊළඟ පරම්පරාවට ඔබගේ බලය ප්‍රකාශ කරන තුරු, මතු පැමිණෙන්නන්ට ඔබගේ වික්‍රමාන්විතභාවය ප්‍රකාශ කරන තුරු, අහෝ මගේ දෙවියන්වහන්ස, මා මහලු ව, කෙස් පැසී සිටියදී මා අත්හැර නො දැමුව මැනවි.
ගීතාවලිය 71:14-18 Sinhala Revised Old Version (SROV)
එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්රශංසාකරන්නෙමි. මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි. ස්වාමිවූ දෙවියන්වහන්සේ ගේ බලවත් ක්‍රියා පෙරටුකොටගෙන එන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨකම පමණක්ම සඳහන්කරන්නෙමි. දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක; මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්රකාශකෙළෙමි. දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.
ගීතාවලිය 71:14-18 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මම නිරතුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි; නිතර ම වැඩි වැඩියෙන් ඔබට ප්‍රශංසා කරන්නෙමි. දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි. මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි. දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි. අනේ දෙවිඳුනි! මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි. අනේ දෙවිඳුනි! පැසුණු කෙස් සහිත ව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව. ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.
ගීතාවලිය 71:14-18 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, මම නිරතුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි; නිතර ම වැඩි වැඩියෙන් ඔබට ප්‍රශංසා කරන්නෙමි. දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි. මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි. දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි. අනේ දෙවිඳුනි! මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි. අනේ දෙවිඳුනි! පැසුණු කෙස් සහිත ව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව. ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.
ගීතාවලිය 71:14-18 New International Version (NIV)
As for me, I will always have hope; I will praise you more and more. My mouth will tell of your righteous deeds, of your saving acts all day long— though I know not how to relate them all. I will come and proclaim your mighty acts, Sovereign LORD; I will proclaim your righteous deeds, yours alone. Since my youth, God, you have taught me, and to this day I declare your marvelous deeds. Even when I am old and gray, do not forsake me, my God, till I declare your power to the next generation, your mighty acts to all who are to come.