ගීතාවලිය 68:1-3
ගීතාවලිය 68:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ නැගී සිටින සේක්වා, උන්වහන්සේගේ සතුරෝ විසුරුවනු ලබත්වා; උන්වහන්සේට වෛර කරන්නෝ උන්වහන්සේ ඉදිරියෙන් පලා යත්වා. සුළඟින් ඉවත ගසා ගෙන යන දුමක් සේ, ඔවුහු ද ඉවත ගසා ගෙන යනු ලබත්වා. ගින්න ඉදිරියේ උණුවී යන ඉටි සේ, දුෂ්ටයින් දෙවියන්වහන්සේ ඉදිරියේ විනාශ වී යේවා. එහෙත් දමිටු දනා ප්‍රීති වෙත්වා! දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රීති ප්‍රමෝද වෙත්වා! ඔවුහු සතුටින් හා ප්‍රීතියෙන් පිරෙත්වා!
ගීතාවලිය 68:1-3 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ නැගිටිනසේක්වා, උන්වහන්සේගේ සතුරෝ විසිර යෙත්වා; උන්වහන්සේට වෛරවන්නෝද උන්වහන්සේ ඉදිරියෙන් පලායෙත්වා. දුම් පහව යන්නාක්මෙන් ඔවුන් පහ කළ මැනව. ගිනි ඉදිරිපිට ඉටි දියවන්නාක්මෙන් දුෂ්ටයෝ දෙවියන්වහන්සේ හමුවෙහි විනාශවෙත්වා. නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා; දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වෙත්වා. එසේය, ඔව්හු සන්තෝෂයෙන් ප්‍රීතිවෙත්වා.
ගීතාවලිය 68:1-3 Sinhala New Revised Version (NRSV)
දෙවිඳාණෝ නැඟිට සතුරන් විසුරුවා හරින සේක. එතුමන්ට වෛර කරන්නෝ එතුමන් ඉදිරියෙන් පලා යන්නෝ ය. සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා! එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!
ගීතාවලිය 68:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවිඳාණෝ නැඟිට සතුරන් විසුරුවා හරින සේක. එතුමාණන්ට වෛර කරන්නෝ එතුමාණෝ ඉදිරියෙන් පලා යන්නෝ ය. සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා! එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!
ගීතාවලිය 68:1-3 New International Version (NIV)
May God arise, may his enemies be scattered; may his foes flee before him. May you blow them away like smoke— as wax melts before the fire, may the wicked perish before God. But may the righteous be glad and rejoice before God; may they be happy and joyful.