ගීතාවලිය 65:2-5
ගීතාවලිය 65:2-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යාච්ඤාවට සවන් දෙන තැනැත්තාණෝ ඔබ ය, එබැවින් ජීවත් වන සියලු ජනයා ඔබ වෙත පැමිණෙති. පාපය අප යටපත් කර ගත් කල, ඔබ, අපගේ අපරාධ පහ කළ සේක. ඔබගේ ගෘහ-මළුවෙහි වාසය කරන පිණිස, කැඳවාගෙන එන්නට ඔබ විසින් තෝරාගත් අය භාග්‍යවත් ය! ඔබගේ ශුද්ධ මාලිගාවේ, ඔබගේ ගෘහයේ යහ දෙයින් අපි පිරී සිටින්නෙමු. දමිටුකමේ භයංකර ක්‍රියා මගින් ඔබ අපට පිළිතුරු දෙන සේක, පොළොවේ සකල කෙළවරයන්හි ද ඈත සාගරයන්හි ද බලාපොරොත්තුව වූ දෙවියන්වහන්ස, අපේ ගැලවුම්කරුවාණන්වහන්ස.
ගීතාවලිය 65:2-5 Sinhala Revised Old Version (SROV)
යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය. අයුතුකම් මාගෙන් ජයගනියි. ඔබ වනාහි අපේ අපරාධ පහකර දමනසේක. ඔබගේ මිදුල්වල වාසයකරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය. ඔබගේ ගෘහයවූ ඔබගේ ශුද්ධ මන්දිරයේ යහපතින් අපි තෘප්තියට පැමිණෙන්නෙමුව. පොළොවේ සියලු සීමාවලද මුහුදේ දුරස්තර තැන්වලද සිටින්නන්ගේ විශ්වාසයවූ අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨලෙස අපට උත්තරදෙනසේක.
ගීතාවලිය 65:2-5 Sinhala New Revised Version (NRSV)
මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය. අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය; ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව. ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද? ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව. ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්‍රබල ක්‍රියා මඟින් අප ගළවාගත මැනව; මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.
ගීතාවලිය 65:2-5 Sinhala New Revised Version 2018 (SNRV)
මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය. අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය; ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව. ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද? ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව. ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්‍රබල ක්‍රියා මඟින් අප ගළවාගත මැනව; මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.
ගීතාවලිය 65:2-5 New International Version (NIV)
You who answer prayer, to you all people will come. When we were overwhelmed by sins, you forgave our transgressions. Blessed are those you choose and bring near to live in your courts! We are filled with the good things of your house, of your holy temple. You answer us with awesome and righteous deeds, God our Savior, the hope of all the ends of the earth and of the farthest seas