ගීතාවලිය 51:13-19 - Compare All Versions

ගීතාවලිය 51:13-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට අපරාධකරුවනට මම ඔබේ මාර්ග කියා දෙන්නෙමි; එකල පව්කරුවන්, ඔබ වෙත හැරී එනු ඇත. අහෝ දෙවියන්වහන්ස, මා ගලවා ගන්නා දෙවියන්වහන්ස, ලේ වැගිරීමේ අපරාධයෙන් මා ගැලෙවුව මැනව; එවිට මගේ දිවෙන් ඔබේ ධර්මිෂ්ඨකමට ගී ගැයේ. අහෝ ස්වාමින්වහන්ස, මගේ තොල් විවර කළ මැනව; එවිට මගේ මුව ඔබට ප්‍රශංසා කරයි. යාග පූජාවට ඔබ සොම්නස් නො වේ; එසේ නො වී නම් මම ඒවා පුදන්නෙමි. දවන යාග පූජාවට ඔබ ප්‍රසන්න නැත. දෙවියන්වහන්සේට පිදෙන යාග පූජාව බිඳුණු සිතක් ය; අහෝ දෙවියන්වහන්ස, කැඩුණු, තැවෙන හදක් ඔබ සුළු කොට නො තකන සේක. ඔබගේ මනා ප්‍රසන්නත්වයෙන් සියොන සඵල කළ මැනව; යෙරුසලමේ පවුරු යළි ගොඩ නැගුව මැනව. එවිට, ඔබ සොම්නස් කරවන ධර්මිෂ්ඨකමේ පූජා, හෙවත් පූර්ණ දවන යාග පූජා පිදෙනු ඇත; එවිට ඔබේ පූජාසනය පිට ගවයින් ඔප්පු කෙරෙනු ඇත.

බෙදාගන්න
ගීතාවලිය 51 SCV

ගීතාවලිය 51:13-19 SROV (Sinhala Revised Old Version)

එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි; පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය. දෙවියන්වහන්ස, මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මිනීමැරීමේ අපරාධයෙන් මා මුදාහැරිය මැනව; මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්දනගා ගීතිකාකරන්නේය. ස්වාමිනි, කට අරින්ට මට පිහිටවුව මැනව; එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය. මක්නිසාද ඔබ පූජාවට නොකැමතිසේක; කැමතිසේක් නම් එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවනසේක. දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක. ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව; යෙරුසලමේ පවුරු ගොඩනැගුව මැනව. එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජාව හා මුළු දවන පූජාවට, ඔබ ප්‍රියවනසේක. එවිට ඔව්හු ඔබගේ පූජාසනය පිට ගොනුන් පූජාකරන්නාහුය.

බෙදාගන්න
ගීතාවලිය 51 SROV

ගීතාවලිය 51:13-19 NRSV (Sinhala New Revised Version)

එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි. සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි. ඔබ පුද පඬුරුවලට රිසි නැත; ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක. දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක. සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව. එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 51 NRSV

ගීතාවලිය 51:13-19 SNRV (Sinhala New Revised Version 2018)

එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි. සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි. ඔබ පුද පඬුරුවලට රිසි නැත; ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක. දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක. සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව. එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 51 SNRV

ගීතාවලිය 51:13-19 NIV (New International Version)

Then I will teach transgressors your ways, so that sinners will turn back to you. Deliver me from the guilt of bloodshed, O God, you who are God my Savior, and my tongue will sing of your righteousness. Open my lips, Lord, and my mouth will declare your praise. You do not delight in sacrifice, or I would bring it; you do not take pleasure in burnt offerings. My sacrifice, O God, is a broken spirit; a broken and contrite heart you, God, will not despise. May it please you to prosper Zion, to build up the walls of Jerusalem. Then you will delight in the sacrifices of the righteous, in burnt offerings offered whole; then bulls will be offered on your altar.

බෙදාගන්න
ගීතාවලිය 51 NIV