ගීතාවලිය 44:20-26
ගීතාවලිය 44:20-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපි අපගේ දෙවියන්වහන්සේගේ නාමය අමතක කළෙමු නම්, විජාතික දෙවියකු දෙසට අප දෑත් විහිදෙව්වෙමු නම්, හැම හදවතක ම රහස් දන්නා වූ දෙවියන්වහන්සේ එය සොයා දැනගන්නේ නැති ද? එහෙත් ඔබගේ නාමය නිසා, අපි දවස මුළුල්ලේ මරනු ලබන්නෙමු; ඝාතනයට නියම බැටළුවන් මෙන්, අපි ගණන් ගනු ලබන්නෙමු. අවදි වුව මැනවි, අහෝ ස්වාමින්වහන්ස, ඇයි ඔබ නිදා සිටින්නේ? නැගිටුණු මැනවි, සදහට ම අප අතහැර නො දැමුව මැනව. අපගේ දුක්ඛිතභාවයත්, පීඩාවත් අමතක කරමින් ඔබ මුහුණ සඟවා ගන්නේ ඇයි? පොළොවේ දූවිල්ලට ම අපි පහත් කරනු ලැබ සිටිමු. අපගේ සිරුරු මහ පොළොව බදාගෙන ඇත. නැගිටිනු මැනවි; අපට පිහිට වුව මැනවි; ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා අප මිදුව මැනව.
ගීතාවලිය 44:20-26 Sinhala Revised Old Version (SROV)
අපේ දෙවියන්වහන්සේගේ නාමය සිහිනැති කෙළෙමු නම්, අන් දෙවියෙකුට අත් දිගුකෙළෙමු නම්, දෙවියන්වහන්සේ එය නොසොයනසේක්ද? මක්නිසාද උන්වහන්සේ සිතේ රහස් දන්නාසේක. එසේය, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මැරීමට නියම බැටළුවන් මෙන් ගණිනලද්දෝ වමුව. ස්වාමිනි, පිබිදුණ මැනව, ඔබ මක්නිසා නිදනසේක්ද? නැගුටුණ මැනව, සදාකාලයටම අප පහ නොකළ මැනව. කුමක්හෙයින් ඔබගේ මුහුණ සඟවමින්, අපේ විපත්තිය සහ පීඩාව සිහිනැති කරනසේක්ද? අපේ ආත්මය ධූලියට නැමී තිබේ. අපේ උදරයද බිමට ඇලෙයි. අපට උපකාර පිණිස නැගුටුණ මැනව, ඔබගේ කරුණාගුණය නිසා අප මිදුවමැනව.
ගීතාවලිය 44:20-26 Sinhala New Revised Version (NRSV)
ඉතින් අපි, අපේ දෙවිඳුන් අමතක කෙළෙමු නම්, අන් දෙවියෙකුට යාච්ඤා කෙළෙමු නම්, ඔබ එය දැනගන්නේ නැද් ද? මන්ද, මිනිස් සිතේ සියලු රහස් ඔබ දන්න සේක. දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු; මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු. සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව. ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද? අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද? අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත. නැඟිට, අපට පිහිට දුන මැනව. ඔබේ තිර පෙම්කඳ නිසා අප මිදුව මැනව.
ගීතාවලිය 44:20-26 Sinhala New Revised Version 2018 (SNRV)
ඉතින් අපි, අපේ දෙවිඳුන් අමතක කෙළෙමු නම්, අන් දෙවියෙකුට යාච්ඤා කෙළෙමු නම්, ඔබ එය දැනගන්නේ නැද් ද? මන්ද, මිනිස් සිතේ සියලු රහස් ඔබ දන්න සේක. දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු; මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු. සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව. ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද? අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද? අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත. නැඟිට, අපට පිහිට දුන මැනව. ඔබේ තිර පෙම්කඳ නිසා අප මිදුව මැනව.
ගීතාවලිය 44:20-26 New International Version (NIV)
If we had forgotten the name of our God or spread out our hands to a foreign god, would not God have discovered it, since he knows the secrets of the heart? Yet for your sake we face death all day long; we are considered as sheep to be slaughtered. Awake, Lord! Why do you sleep? Rouse yourself! Do not reject us forever. Why do you hide your face and forget our misery and oppression? We are brought down to the dust; our bodies cling to the ground. Rise up and help us; rescue us because of your unfailing love.