ගීතාවලිය 35:1-8
ගීතාවලිය 35:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, මට එරෙහිව කරුණු දක්වන්නන්ට එරෙහිව කරුණු දැක්වුව මැනව; මට එරෙහිව සටන් කරන්නන්ට එරෙහිව සටන් වැදුණ මැනව. පලිහත්, මහ පලිහත් ගෙන, නැගිට, මගේ පිහිටට එනු මැනවි. මා ලුහුබඳින්නවුනට එරෙහිව තෝමර, හෙල්ල ලෙළවා, “ඔබේ ගැලවීම මම යැ” යි මට ඒත්තුගැන්වුව මැනව. මගේ ජීවිතය පැහැර ගැනීමට සොයන්නෝ නින්දාවටත්, ලජ්ජාවටත් පත් වෙත්වා! මට නපුර කැටීමට කුමන්ත්‍රණ කරන්නෝ වියවුල් ව, පසුබා යත්වා! ස්වාමින්වහන්සේගේ දූතයා විසින් ඉවත පලවා හරිනු ලබන කල, ඔවුහු, සුළඟ හමුවේ බොල් රොඩු සේ වෙත්වා! ස්වාමින්වහන්සේගේ දූතයා ඔවුන් ලුහුබඳින කල, ඔවුන් යන මාවත අඳුරින් බර, ලිස්සන සුළු වේවා. ඔවුහු හේතුවක් නැතිව රහසේ මට දැලක් ඇටවූහ; මා ඇල්ලීමට, අහේතුක ව මට වළක් කැපූහ. අදිසි විනාශයක් ඔවුන් පිට පතිත වේවා! රහසේ ඇටවූ දැලේ ඔවුන් ම පටලැවේවා! ඔවුන්ගේ විනාශයට ඔවුන් ම ඒ වළේ වැටේවා!
ගීතාවලිය 35:1-8 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මා සමඟ විවාදකරන්නන් සමඟ විවාදකළ මැනව. මට විරුද්ධව යුද්ධකරන්නන්ට විරුද්ධව යුද්ධකළ මැනව. පලිහත් මහ පලිහත් ගෙන, මට පිහිටවෙන පිණිස නැගුටුණ මැනව. හෙල්ලයත් ඇද මා ලුහුබඳින්නන් වැලැක්වුව මැනව. මම ඔබගේ ගැළවීමයයි මාගේ ආත්මයට කිව මැනව. මාගේ ප්‍රාණය සොයන්නෝ ලජ්ජාවී අගෞරවයට පැමිණෙත්වා. මට අන්තරාය යොදන්නෝ පස්සට හරවනු ලැබ වියවුල්වෙත්වා. ඔව්හු හුළඟ ඉදිරියෙහි බොල් මෙන් වෙත්වා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් එළවා යේවා. ඔවුන්ගේ මාර්ගය අඳුරුව ලිස්සන්නේවේවා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් ලුහුබදීවා. මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. නොදැනී විනාශය ඔහු පිටට පැමිණේවා; ඔහු සඟවා තිබූ දැලට ඔහුම අසුවේවා; ඔහු විනාශයට පැමිණ එහි වැටේවා.
ගීතාවලිය 35:1-8 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මාගේ විවාදකරුවන් සමඟ විවාද කළ මැනව; මා හා සටනට එන අය සමඟ සටන් කළ මැනව. පලිහත්, මහා පලිහත් ගෙන මට පිහිට වුව මැනව. හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව. මා වැනසීමට සොයන්නෝ ලජ්ජාවට හා නින්දාවට පැමිණෙත් වා! මා නැසුමට උපා යොදන්නෝ වියවුල් වී ආපසු යත් වා! ඔව්හු පවනෙහි පා වන බොල් මෙන් වෙත් වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් පලවා හරී වා! ඔවුන්ගේ මාවත අඳුරු, ලිස්සන පාරක් වේ වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් ලුහුබැඳ යේ වා! කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ. නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා! තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා! තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා!
ගීතාවලිය 35:1-8 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, මාගේ විවාදකරුවන් සමඟ විවාද කළ මැනව; මා හා සටනට එන අය සමඟ සටන් කළ මැනව. පලිහත්, මහා පලිහත් ගෙන මට පිහිට වුව මැනව. හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව. මා වැනසීමට සොයන්නෝ ලජ්ජාවට හා නින්දාවට පැමිණෙත් වා! මා නැසුමට උපා යොදන්නෝ වියවුල් වී ආපසු යත් වා! ඔව්හු පවනෙහි පා වන බොල් මෙන් වෙත් වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් පලවා හරී වා! ඔවුන්ගේ මාවත අඳුරු, ලිස්සන පාරක් වේ වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් ලුහුබැඳ යේ වා! කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ. නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා! තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා! තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා!
ගීතාවලිය 35:1-8 New International Version (NIV)
Contend, LORD, with those who contend with me; fight against those who fight against me. Take up shield and armor; arise and come to my aid. Brandish spear and javelin against those who pursue me. Say to me, “I am your salvation.” May those who seek my life be disgraced and put to shame; may those who plot my ruin be turned back in dismay. May they be like chaff before the wind, with the angel of the LORD driving them away; may their path be dark and slippery, with the angel of the LORD pursuing them. Since they hid their net for me without cause and without cause dug a pit for me, may ruin overtake them by surprise— may the net they hid entangle them, may they fall into the pit, to their ruin.