ගීතාවලිය 22:12-31

ගීතාවලිය 22:12-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

බොහෝ ගොන්නු මා වට කොට සිටිති; බාෂාන්හි සවිමත් ගොන්නු මා වටලා සිටිති. ගොරව ගොරවා, ගොදුරකට ඇදෙන සිංහයින් මෙන් ඔවුහු මට එරෙහිව කට අයා සිටිති. මගේ ශක්තිය, වතුර මෙන් වැගිර යයි; මගේ ඇටකටු, අවසන්ධි වී ඇත; මගේ හදවත, ඉටි වැනි ව, මා තුළෙහි දිය ව යයි. මගේ සවිය, වළං කටුවක් සේ වියළී ගොසිනි; මගේ දිව, මගේ උඩු තල්ලේ ඇලෙයි; ඔබ මා හොවා ඇත්තේ, මරණ දූලියෙහි ය. බල්ලෝ මා වට කොට සිටිති; දුෂ්ට මිනිසුන් පිරිසක් මා වටලා ඇත. ඔවුන් මගේ අත්-පා සිදුරු කර ඇත. ගණන් කළ හැකි වන තරමට මගේ ඇට පෑදී ඇත; සතුරෝ ඇස් මහත් කර, මා දෙස ඔරවා බලති. ඔවුහු තමන් අතරේ මගේ ඇඳුම් බෙදා ගනිති. මගේ වස්ත්‍ර සඳහා පස ඇට දමති. අහෝ ස්වාමින්වහන්ස, ඈත් ව නො සිටිය මැනව; අහෝ මගේ ශක්තියෙනි, මගේ පිහිටට වහා ආ මැනව. කඩුවට බිලිවීමෙන් මගේ ජීවිතය බේරාගත මැනව, මගේ වටිනා ජීවිතය බල්ලාගේ බලයෙන් මිදුව මැනව. ඒ සිංහයන්ගේ මුඛයෙන් මා මිදුව මැනව; ඒ වල් ගොනුන්ගේ අංවලින් මා ගැලෙවුව මැනව. මගේ සහෝදරයින්ට ඔබගේ නාමය මම ප්‍රකාශ කරන්නෙමි; සභාව මධ්‍යයයේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න; යාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, උන්වහන්සේට ගෞරව කරන්න; ඉශ්‍රායෙල් වංශික සියල්ලෙනි, උන්වහන්සේට බුහුමන් දක්වන්න. හිංසා-පීඩා ලද්දාණන්ගේ දුක් පීඩා ගැන උන්වහන්සේ ගර්හා කළේවත්, පිළිකුල් කළේවත් නැත, ඔහු වෙතින් තම මුහුණ සඟවා ගත්තේ ද නැත; පිහිට ඉල්ලූ කල, ඔහුගේ මොර ගැසීමට උන්වහන්සේ සවන් දුන් සේක. මහා එක් රැස්වීමේ මගේ ප්‍රශංසාවේ තේමාව පැමිණෙන්නේ ඔබ වෙතින් ම ය; ඔබට භය පක්ෂපාතවූවන් ඉදිරියේ මම මගේ භාර ඉටු කරන්නෙමි. දිළින්දෝ ආහාර භුක්ති විඳ, සෑහීමට පත් වන්නෝ ය. ස්වාමින්වහන්සේ සොයායන්නෝ උන්වහන්සේට ප්‍රශංසා කරන්නෝ ය. ඔබගේ හදවත් සැම කල් යෙහෙන් වැජඹේවා! මිහි පිට සෑම සීමාවාසීහු ස්වාමින්වහන්සේ පිළිගෙන, උන්වහන්සේ වෙත හැරී එන්නෝ ය; ජාතීන්ගේ සියලු පෙළපත් උන්වහන්සේ ඉදිරියේ නමස්කාර කරන්නෝ ය. මන්ද, රාජාධිපත්‍යය අයිති ස්වාමින්වහන්සේට ය; උන්වහන්සේ ජාතීන් ආණ්ඩු කරන සේක. මිහි පිට ධනවත් සියල්ලෝ උත්සව පවත්වමින්, නමස්කාර කරන්නෝ ය; නො මැරී සිටිය නො හැකි, දූවිල්ලට බසින සියල්ලෝ උන්වහන්සේ ඉදිරියෙහි දණ නමන්නෝ ය. මතු පරම්පරා උන්වහන්සේට සේවය කරනු ඇත. ස්වාමින් ගැන අනාගත පරම්පරාවලට කියනු ලබනු ඇත. “උන්වහන්සේ මෙසේ කළ සේකැ” යි කියමින්, උන්වහන්සේගේ දමිටුකම ගැන මතු උපදින්නවුනට ඔවුන් ප්‍රකාශ කරනු ඇත.

ගීතාවලිය 22:12-31 Sinhala Revised Old Version (SROV)

බොහෝ ගොන්නු මා වටකර සිටිති. බාෂාන්හි සවි ඇති ගොන්නු මා වටලා සිටිති. ගොදුරුකමින් ගොරවන සිංහයෙකුමෙන් ඔව්හු මා දෙස බලා කට අරිති. මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ. මාගේ සිත ඉටි මෙන් වේ; එය මා තුළෙහි උණුවී තිබේ. මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ; මාගේ දිවද තල්ලේ ඇලෙයි; ඔබ මා මරණ ධූලියට ගෙනාසේක. මක්නිසාද බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තුය; ඔව්හු මාගේ අත්පා සිදුරුකළෝය. මාගේ ඇට සියල්ල ගණන්කළ හැක්කෙමි; ඔව්හු මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පසඇට දමති. නුමුත්, ස්වාමිනි, ඔබ දුරුනූව මැනව. මාගේ බලය වන ඔබ, මට පිහිට වෙන්ට ඉක්මන්වුව මැනව. මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව. සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව; එසේය, වල් ගොනුන්ගේ අං අතරෙහිවූ මට ඔබ උත්තරදුන්සේක. ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශකරන්නෙමි, සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසාකරන්නෙමි. ස්වාමින් කෙරෙහි භය ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්; යාකොබ් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේට ගෞරවකරව්; ඉශ්‍රායෙල් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේ කෙරෙහි භයින් සිටිව්. මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක. මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය. උන්වහන්සේට භයවෙන්නන් ඉදිරියේ මාගේ භාර ඉෂ්ටකරන්නෙමි. යටහත් සිත් ඇත්තෝ අනුභවකොට තෘප්තියට පැමිණෙන්නාහුය. ස්වාමීන් සොයන්නෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නාහුය. නුඹලාගේ සිත සදාකල් ජීවත්වේවා. පොළොවේ සියලු සීමාවෝ සිහිකරමින් ස්වාමීන් වෙතට හැරෙන්නෝය. ජාතීන්ගේ සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය. මක්නිසාද රාජ්‍යය ස්වාමීන්වහන්සේගේ ය. උන්වහන්සේ ජාතීන් කෙරෙහි ආණ්ඩුකාරයාණෝය. පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය. ධූලියට බසින්නෝ, එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය, උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නාහුය. වංශයක් උන්වහන්සේට මෙහෙකරන්නේය; මතු පරම්පරාවට ස්වාමීන් ගැන එපවත් කියනු ලබන්නේය. ඔව්හු පැමිණ උන්වහන්සේ මෙසේ කළසේක කියා මතු උපදින සෙනඟකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නාහුය.

ගීතාවලිය 22:12-31 Sinhala New Revised Version (NRSV)

මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති. ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති. මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය. මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත. ඔබ මා මළ කෙනෙකු මෙන් පසට භාර දී ඇත. මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය. මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති. මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති. හිමි තුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව. කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව. සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව. ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි. හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමන් පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමන් ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න; එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක. මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි. දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමි තුමන් සොයන්නෝ එතුමන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා! මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමන් වෙත හැරී එති. සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති. මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය. පොළොවෙහි උඩඟු අය එතුමන්ට වැඳ වැටෙනු ඇත; පොළොවේ මැරෙන සුලු අය එතුමන් නමදිනු ඇත. මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත. “එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.

ගීතාවලිය 22:12-31 Sinhala New Revised Version 2018 (SNRV)

මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති. ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති. මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය. මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත. ඔබ මා මළ කෙනෙකු මෙන් පසට භාර දී ඇත. මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය. මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති. මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති. හිමිතුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව. කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව. සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව. ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි. හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමාණෝ පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමාණන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමාණෝ ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න; එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක. මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමාණන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි. දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමිතුමාණන් සොයන්නෝ එතුමාණන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා! මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමාණෝ වෙත හැරී එති. සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති. මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය. පොළොවෙහි උඩඟු අය එතුමාණන්ට වැඳ වැටෙනු ඇත; පොළොවේ මැරෙන සුලු අය එතුමාණෝ නමදිනු ඇත. මාගේ වංශය එතුමාණන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත. “එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමාණන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.

ගීතාවලිය 22:12-31 New International Version (NIV)

Many bulls surround me; strong bulls of Bashan encircle me. Roaring lions that tear their prey open their mouths wide against me. I am poured out like water, and all my bones are out of joint. My heart has turned to wax; it has melted within me. My mouth is dried up like a potsherd, and my tongue sticks to the roof of my mouth; you lay me in the dust of death. Dogs surround me, a pack of villains encircles me; they pierce my hands and my feet. All my bones are on display; people stare and gloat over me. They divide my clothes among them and cast lots for my garment. But you, LORD, do not be far from me. You are my strength; come quickly to help me. Deliver me from the sword, my precious life from the power of the dogs. Rescue me from the mouth of the lions; save me from the horns of the wild oxen. I will declare your name to my people; in the assembly I will praise you. You who fear the LORD, praise him! All you descendants of Jacob, honor him! Revere him, all you descendants of Israel! For he has not despised or scorned the suffering of the afflicted one; he has not hidden his face from him but has listened to his cry for help. From you comes the theme of my praise in the great assembly; before those who fear you I will fulfill my vows. The poor will eat and be satisfied; those who seek the LORD will praise him— may your hearts live forever! All the ends of the earth will remember and turn to the LORD, and all the families of the nations will bow down before him, for dominion belongs to the LORD and he rules over the nations. All the rich of the earth will feast and worship; all who go down to the dust will kneel before him— those who cannot keep themselves alive. Posterity will serve him; future generations will be told about the Lord. They will proclaim his righteousness, declaring to a people yet unborn: He has done it!