ගීතාවලිය 2:5-12

ගීතාවලිය 2:5-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තම කෝපයෙන් ඔවුනට තරවටු කරමින්, තම උදහස පා උන් බය ගන්වමින්, මෙසේ පවසන්නාහ. “සියොනෙහි මගේ ශුද්ධ කන්ද මත, මා තේරූ රජු කිරුළු පැලඳුවෙමි.” ස්වාමින්වහන්සේගේ නියෝගය මම ප්‍රකාශයට පත් කරමි: උන්වහන්සේ මා අමතා මෙසේ කී සේක: “ඔබ මගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි; මගෙන් ඉල්ලන්න; එවිට, මම, ජාතීන් ඔබගේ උරුමය කර දෙමි; පොළෝ සීමාන්තය තෙක් ඔබ සන්තක කරලමි. ඔබ, යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු-මට්ටු කරනු ඇත; මැටි බඳුනක් බිඳින්නා සේ ඔවුන් විසුණු කරනු ඇත.” එබැවින් දැන්, එම්බා රජවරුනි, නැණවත් වනු! මිහි පිට පාලකයනි, පරෙස්සම් වනු! ස්වාමින්වහන්සේට භය බැතියෙන් නමදින්න; වෙවුලුම් සහිත ව ප්‍රීති වන්න. උන්වහන්සේ කෝප නො වන පිණිස පුත්‍රයාණන් සිපගන්න. නැතහොත්, ඔබ මාර්ගයේදී වැනසී යනු ඇත. මන්ද, උන්වහන්සේගේ උදහස වහා ඇවිළ යා හැකි බැවිනි. උන්වහන්සේ සරණ කොට ගන්න සැවොම භාග්‍යවත් ය.

ගීතාවලිය 2:5-12 Sinhala Revised Old Version (SROV)

එකල්හි උන්වහන්සේ කෝපයෙන් ඔවුන්ට කථාකොට, තමන් උදහසින් ඔවුන් කළඹනසේක්: මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක. මම නියමය ප්‍රකාශකරන්නෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ පුත්‍රයෙහිය; අද නුඹ ජනිතකෙළෙමි. මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. නුඹ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණුකරන්නෙහියයි කීසේක. එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්. ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්‍රීතිවව්. පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.

ගීතාවලිය 2:5-12 Sinhala New Revised Version (NRSV)

සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක; එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක; උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක. මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි. මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි. නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය. නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක. රජවරුනි! ඒ නිසා සිහි පරීක්ෂාකාරී ව සිටින්න. භූපතිවරුනි! මෙයින් ගුරුකම් සිතට ගන්න. සමිඳුන් හට ගරුබියෙන් සේවය කරන්න; බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.

ගීතාවලිය 2:5-12 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක; එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක; උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක. මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි. මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි. නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය. නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක. රජවරුනි! ඒ නිසා සිහි පරීක්ෂාකාරී ව සිටින්න. භූපතිවරුනි! මෙයින් ගුරුකම් සිතට ගන්න. සමිඳුන් හට ගරුබියෙන් සේවය කරන්න; බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමාණන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.