ගීතාවලිය 2:1-6
ගීතාවලිය 2:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කිමදෝ ජාතීන් උදහස් ව කුමන්ත්‍රණ කරන්නේ? ජනයා නිෂ්ඵල උපා යොදන්නේ? ස්වාමින්වහන්සේට ද උන්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ද එරෙහිව, පොළොවේ රජවරු සටනට සැරසෙති; පාලකයෝ එක් පිලකට රොක් වෙති. “ඔවුන්ගේ බැඳුම් අපි කඩා දමමු; විලංගු බිඳ ඔවුන්ගෙන් මිදෙමු” යි ඔවුහු කියති. ස්වර්ගවල සිහසුන දරනා, උතුමාණෝ සිනාසෙන්නාහ; සමිඳාණෝ ඔවුනට පරිහාස කරන්නාහ. තම කෝපයෙන් ඔවුනට තරවටු කරමින්, තම උදහස පා උන් බය ගන්වමින්, මෙසේ පවසන්නාහ. “සියොනෙහි මගේ ශුද්ධ කන්ද මත, මා තේරූ රජු කිරුළු පැලඳුවෙමි.”
ගීතාවලිය 2:1-6 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද? ස්වාමීන්ට ද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති. ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක. එකල්හි උන්වහන්සේ කෝපයෙන් ඔවුන්ට කථාකොට, තමන් උදහසින් ඔවුන් කළඹනසේක්: මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.
ගීතාවලිය 2:1-6 Sinhala New Revised Version (NRSV)
ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද? සමිඳාණන්ට ද එතුමන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය. අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය. සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක. සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක; එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක; උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක. මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.
ගීතාවලිය 2:1-6 Sinhala New Revised Version 2018 (SNRV)
ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද? සමිඳාණන්ට ද එතුමාණන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය. අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය. සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක. සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක; එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක; උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක. මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.
ගීතාවලිය 2:1-6 New International Version (NIV)
Why do the nations conspire and the peoples plot in vain? The kings of the earth rise up and the rulers band together against the LORD and against his anointed, saying, “Let us break their chains and throw off their shackles.” The One enthroned in heaven laughs; the Lord scoffs at them. He rebukes them in his anger and terrifies them in his wrath, saying, “I have installed my king on Zion, my holy mountain.”