ගීතාවලිය 18:6-7
ගීතාවලිය 18:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි; පිහිට ඉල්ලා, මගේ දෙවියන්වහන්සේට මොර ගැසීමි; ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; මගේ මොරගෑම උන්වහන්සේ අබියසට ගොස්, උන්වහන්සේගේ සවන් වැකිණ. එවිට, භූමිය වෙවුලා, කම්පන විය; කඳුවල අත්තිවාරම් ද සෙලවිණ; ඒවා සැලී-වෙවුලා ගියේ, උන්වහන්සේ උරණ වූ නිසා ය.
ගීතාවලිය 18:6-7 Sinhala Revised Old Version (SROV)
මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය. එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.
ගීතාවලිය 18:6-7 Sinhala New Revised Version (NRSV)
මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමන් වෙත නැඟිණි. එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
ගීතාවලිය 18:6-7 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමාණෝ වෙත නැඟිණි. එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
ගීතාවලිය 18:6-7 New International Version (NIV)
In my distress I called to the LORD; I cried to my God for help. From his temple he heard my voice; my cry came before him, into his ears. The earth trembled and quaked, and the foundations of the mountains shook; they trembled because he was angry.