ගීතාවලිය 18:48-49
ගීතාවලිය 18:48-49 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කරන්නේ උන්වහන්සේ ය. මගේ එදිරිවාදීන්ට ඉහළින් මා උසස් කළ සේක. සැහැසි මිනිසුන්ගෙන් ඔබවහන්සේ මා බේරූ සේක. එබැවින් අහෝ ස්වාමින්වහන්ස, ජාතීන් අතරේ මම ඔබ පසසමි. ඔබේ නමට මම පැසසුම් ගී ගයන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 18 කියවන්නගීතාවලිය 18:48-49 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාරකරන්නාගෙන් මා ගළවාගන්නසේක. එබැවින් ස්වාමිනි, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්රශංසා ගී කියන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 18 කියවන්නගීතාවලිය 18:48-49 Sinhala New Revised Version (NRSV)
එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක. එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි; ඔබේ නමට තුති ගී ගයන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 18 කියවන්න