ගීතාවලිය 18:25-50
ගීතාවලිය 18:25-50 සිංහල කාලීන පරිවර්තනය (SCV)
විශ්වාසවන්ත අය සමඟ ඔබ ද විශ්වාසවන්ත වූ සේක; නිදොස් අයට, ඔබ ද නිදොස් බව දක්වන සේක. පවිත්‍ර අයට, ඔබ පවිත්‍ර බව දක්වන සේක; එහෙත් කෛරාටික අයට, ඔබ විචක්ෂණ වග දක්වන සේක. ඔබවහන්සේ නිහතමානීන් ගලවන සේක. එහෙත් අහංකාර ඇස් ඇත්තවුන් පහත හෙළන සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මගේ පහන, දැල්වෙමින් තබන සේක; මගේ දෙවියන්වහන්සේ මගේ අඳුර, ආලෝකයට හරවන සේක. ඔබගේ සහාය ඇති ව හමුදාවකට එරෙහිව යන්නට මට හැකි ය. මගේ දෙවියන්වහන්සේ මගින් මට පවුරක් උඩින් පැනිය හැකි ය. දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය; ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය. මන්ද, ස්වාමින්වහන්සේ මිස දෙවියන්වහන්සේ අන් කවුරු ද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයාණෝ අන් කවුරු ද? ශක්තියෙන් මා සන්නද්ධ කරන්නේ ද මගේ මාවත පරිපූර්ණ කරන්නේ ද දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක; උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක. මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය; එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි. ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ සුරත මා උසුලා සිටියි. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත. මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක. එබැවින් මගේ පාද නො ලිස්සී ය. මම මගේ සතුරන් ලුහුබැඳ, ඔවුන් අල්ලා ගතිමි; ඔවුන් වනසා දැමෙන තුරු මම ආපසු නො හැරුණෙමි. නැගිටින්නට නො හැකි වන ලෙස මම ඔවුන් පොඩිකර දැමීමි; මගේ පා යට ඔවුහු වැටී ගියහ. යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ, මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක. ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක. මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි. ඔවුහු උදවු ඉල්ලා කෑ මොර දුන්හ; එහෙත් ඔවුන් ගලවන්නට කෙනකු නො වී ය. ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගැසූ නමුදු උන්වහන්සේ උත්තර නුදුන් සේක. සුළඟේ ගසා ගෙන යන ධූලි බවට පත් වන සේ මම ඔවුන් තළා දැමීමි. වීදිවල මඩ මෙන් මම ඔවුන් පාගා දැමීමි. ජනතාවගේ විරෝධතාවලින් ඔබ මා මුදා ලූ සේක; ජාතීන්ගේ හිස බවට ඔබ මා පත් කළ සේක. මා නො හැඳින සිටි ජනයා මට සේවය කරති. මා ගැන ඇසූ විගස ඔවුහු මට කීකරු වෙති. විදේශීහු මා ඉදිරියෙහි බැගෑපත් වෙති. දිරිය බිඳී ගිය විදේශීහු සැවොම වෙවුල වෙවුලා තම බළකොටුවලින් පිටතට එති. ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා! මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ උසස් වේවා! මා උදෙසා පළි ගන්නා දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. උන්වහන්සේ ජාතීන් මට යටත් කරන සේක; මගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කරන්නේ උන්වහන්සේ ය. මගේ එදිරිවාදීන්ට ඉහළින් මා උසස් කළ සේක. සැහැසි මිනිසුන්ගෙන් ඔබවහන්සේ මා බේරූ සේක. එබැවින් අහෝ ස්වාමින්වහන්ස, ජාතීන් අතරේ මම ඔබ පසසමි. ඔබේ නමට මම පැසසුම් ගී ගයන්නෙමි. උන්වහන්සේ තම රජ්ජුරුවන්ට මහා ජයග්‍රහණ දෙන සේක. උන්වහන්සේ තම අභිෂේක ලද්දාණන් වන දාවිත්ට හා ඔහුගේ වංශයට සදාතනික නොමියෙන පෙමක් පානා සේක.
ගීතාවලිය 18:25-50 Sinhala Revised Old Version (SROV)
කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක; නිර්දෝෂ තැනැත්තා සමඟ නිර්දෝෂ බව දක්වනසේක; පිරිසිදු අය සමඟ ඔබ පිරිසිදු බව දක්වනසේක; හිතුවක්කාර අය සමඟ විරුද්ධ බව දක්වනසේක. මක්නිසාද ඔබ පීඩිතවූ සෙනඟ ගළවනසේක; නුමුත් උඩඟු ඇස් පහත්කරනසේක. එසේය, ඔබ මාගේ පහන දල්වනසේක. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝකකරනසේක. මක්නිසාද ඔබ කරණකොටගෙන හමුදාවකට විරුද්ධව දුවමි; මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරකින් පනිමි. දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක. මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද? මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක. උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක. උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති. තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය. ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය. මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගන්නෙමි. ඔවුන් විනාශවෙන තුරු හැරී නොඑන්නෙමි. නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි. ඔව්හු මාගේ පාද යට වැටෙන්නාහුය. මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක. මාගේ වෛරකාරයන් මා විසින් සිඳිනු ලබන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටුපාන්ට සැලැස්සූසේක. ඔව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය. ස්වාමීන්ට මොරගැසුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක. ඒකල මම සුළඟ ඉදිරියෙහි ධූලි මෙන් ඔවුන් සුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් වීසි කෙළෙමි ඔබ සෙනඟගේ විවාදවලින් මා මුදා ගත්සේක; ඔබ මා ජාතීන්ගේ ප්‍රධානියා කළසේක. මා විසින් ඇඳින නොගත් සෙනඟක් මට මෙහෙකරන්නේය. ඔව්හු මා ගැන ඇසූ කෙණෙහිම මට කීකරුවන්නාහුය. විදේශීහු මට යටත්වන්නාහුය. විදේශීහු මලානිකව, තමන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය. ස්වාමීන්වහන්සේ ජීවත්වනසේක; මාගේ පර්වතයවූ උන්වහන්සේට ප්‍රශංසාවේවා; මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ උසස්වනසේක්වා. උන්වහන්සේ වනාහි මා උදෙසා පළිගන්නාවූ, ජාතීන් මට යටත්කරදෙන්නාවූ දෙවියන්වහන්සේය. උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාරකරන්නාගෙන් මා ගළවාගන්නසේක. එබැවින් ස්වාමිනි, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි. උන්වහන්සේ තමන් රජහට මහත් ගැළවීම දෙනසේක; තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වන දාවිත්ටත් ඔහුගේ වංශයටත් සදාකල් කරුණාව පෙන්වනසේක.
ගීතාවලිය 18:25-50 Sinhala New Revised Version (NRSV)
පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක. පිවිතුරු අයට පිවිතුරු බව ද හිතුවක්කාර අයට විරෝධය ද දක්වන සේක. ඔබ පීඩිතයන් මුදන සේක; එහෙත්, ඔබ උඩඟු වූවන් පහතට හෙළන සේක. සමිඳුනි, ඔබ මාගේ පහන දල්වන සේක; මාගේ දෙවි සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක. ඔබේ පිහිටෙන් මම යුද හමුදා අබිබවමි: දෙවි සරණින් මම පවුරු උඩින් පැන යමි. දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි. හිමි තුමන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද? අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද? මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය. මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්, උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය. මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය. ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය. ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි. මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගනිමි; ඔවුන් වනසා මිස ආපසු නොහැරෙමි. යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති. සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක; මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක. මාගේ වෛරක්කාරයන් මා විසින් සිඳලනු ලබන පිණිස, මාගේ සතුරන් මට පිටු පාන්නට සලසන සේක. ඔව්හු පිහිට සොයා මොරගසති. එහෙත්, ඔවුන්ට ගැළවුම්කාරයෙක් නැත. සමිඳුන්ට මොරගසති; එහෙත්, එතුමාණන්ගෙන් පිළිතුරක් නැත. එවිට මම සුළඟෙහි පාවෙන දූවිල්ල මෙන් ඔවුන් සුණු විසුණු කරමි; වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගාදමමි. ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක; මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති. මා ගැන ඇසූ කෙණෙහි ම ඔව්හු මට කීකරු වන්නෝ ය; විදේශීහු බැගෑපත් ලීලාවෙන් මා සොයා එන්නාහ. විදේශීහු මට අවනත වන්නෝ ය; සිය බලකොටුවලින් වෙවුල වෙවුලා පිටතට එන්නෝ ය. සමිඳාණෝ සැරදෙත් වා! මාගේ ප්‍රාකාරය වන එතුමන්ට පැසසුම් වේ වා! මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක. එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය. එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක. එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි; ඔබේ නමට තුති ගී ගයන්නෙමි. එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක; තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.
ගීතාවලිය 18:25-50 Sinhala New Revised Version 2018 (SNRV)
පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක. පිවිතුරු අයට පිවිතුරු බව ද හිතුවක්කාර අයට විරෝධය ද දක්වන සේක. ඔබ පීඩිතයන් මුදන සේක; එහෙත්, ඔබ උඩඟු වූවන් පහතට හෙළන සේක. සමිඳුනි, ඔබ මාගේ පහන දල්වන සේක; මාගේ දෙවි සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක. ඔබේ පිහිටෙන් මම යුද හමුදා අබිබවමි: දෙවි සරණින් මම පවුරු උඩින් පැන යමි. දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි. හිමිතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද? අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද? මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය. මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්, උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය. මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය. ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය. ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි. මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගනිමි; ඔවුන් වනසා මිස ආපසු නොහැරෙමි. යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති. සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක; මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක. මාගේ වෛරක්කාරයන් මා විසින් සිඳලනු ලබන පිණිස, මාගේ සතුරන් මට පිටු පාන්නට සලසන සේක. ඔව්හු පිහිට සොයා මොරගසති. එහෙත්, ඔවුන්ට ගැළවුම්කාරයෙක් නැත. සමිඳුන්ට මොරගසති; එහෙත්, එතුමාණන්ගෙන් පිළිතුරක් නැත. එවිට මම සුළඟෙහි පාවෙන දූවිල්ල මෙන් ඔවුන් සුණු විසුණු කරමි; වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගාදමමි. ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක; මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති. මා ගැන ඇසූ කෙණෙහි ම ඔව්හු මට කීකරු වන්නෝ ය; විදේශීහු බැගෑපත් ලීලාවෙන් මා සොයා එන්නාහ. විදේශීහු මට අවනත වන්නෝ ය; සිය බලකොටුවලින් වෙවුල වෙවුලා පිටතට එන්නෝ ය. සමිඳාණෝ සැරදෙත් වා! මාගේ ප්‍රාකාරය වන එතුමාණන්ට පැසසුම් වේ වා! මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක. එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය. එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක. එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි; ඔබේ නමට තුති ගී ගයන්නෙමි. එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක; තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.
ගීතාවලිය 18:25-50 New International Version (NIV)
To the faithful you show yourself faithful, to the blameless you show yourself blameless, to the pure you show yourself pure, but to the devious you show yourself shrewd. You save the humble but bring low those whose eyes are haughty. You, LORD, keep my lamp burning; my God turns my darkness into light. With your help I can advance against a troop; with my God I can scale a wall. As for God, his way is perfect: The LORD’s word is flawless; he shields all who take refuge in him. For who is God besides the LORD? And who is the Rock except our God? It is God who arms me with strength and keeps my way secure. He makes my feet like the feet of a deer; he causes me to stand on the heights. He trains my hands for battle; my arms can bend a bow of bronze. You make your saving help my shield, and your right hand sustains me; your help has made me great. You provide a broad path for my feet, so that my ankles do not give way. I pursued my enemies and overtook them; I did not turn back till they were destroyed. I crushed them so that they could not rise; they fell beneath my feet. You armed me with strength for battle; you humbled my adversaries before me. You made my enemies turn their backs in flight, and I destroyed my foes. They cried for help, but there was no one to save them— to the LORD, but he did not answer. I beat them as fine as windblown dust; I trampled them like mud in the streets. You have delivered me from the attacks of the people; you have made me the head of nations. People I did not know now serve me, foreigners cower before me; as soon as they hear of me, they obey me. They all lose heart; they come trembling from their strongholds. The LORD lives! Praise be to my Rock! Exalted be God my Savior! He is the God who avenges me, who subdues nations under me, who saves me from my enemies. You exalted me above my foes; from a violent man you rescued me. Therefore I will praise you, LORD, among the nations; I will sing the praises of your name. He gives his king great victories; he shows unfailing love to his anointed, to David and to his descendants forever.