ගීතාවලිය 147:17-18 - Compare All Versions
ගීතාවලිය 147:17-18 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ තම හිම පළිඟු කැට, ගල් කැබලි සේ බිම හෙළන සේක; උන්වහන්සේගේ ශීතල හමුවේ සිටගත හැක්කේ කවරකුට ද? උන්වහන්සේ තම වචනය එවා, ඒවා දියකර හරින සේක; උන්වහන්සේ තම සුළං හමන්නට සලස්වා, ජලය ගලා යවන සේක.
ගීතාවලිය 147:17-18 SROV (Sinhala Revised Old Version)
ස්වකීය හිම කැට කැබෙලි කොට වීසි කරනසේක. උන්වහන්සේගේ ශීත හමුවෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක. උන්වහන්සේ තමන් හුළඟ හමන්ට සලස්වනසේක, එවිට ජලධාරාවෝ ගලායති.
ගීතාවලිය 147:17-18 NRSV (Sinhala New Revised Version)
සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමන් එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද? එතුමාණෝ අණ දෙන සේක; හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක. එවිට ජලය ගලා යන්නේ ය.
ගීතාවලිය 147:17-18 SNRV (Sinhala New Revised Version 2018)
සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමාණෝ එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද? එතුමාණෝ අණ දෙන සේක; හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක. එවිට ජලය ගලා යන්නේ ය.
ගීතාවලිය 147:17-18 NIV (New International Version)
He hurls down his hail like pebbles. Who can withstand his icy blast? He sends his word and melts them; he stirs up his breezes, and the waters flow.