ගීතාවලිය 147:15-18 - Compare All Versions

ගීතාවලිය 147:15-18 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ ස්වකීය ආඥාව පොළොවෙහි යවනසේක; උන්වහන්සේගේ වචන යුහුව දුවයි. උන්වහන්සේ බැටළු ලොම් මෙන් හිම වස්වනසේක; අලු මෙන් මිදුණු පිනි විසුරුවනසේක. ස්වකීය හිම කැට කැබෙලි කොට වීසි කරනසේක. උන්වහන්සේගේ ශීත හමුවෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක. උන්වහන්සේ තමන් හුළඟ හමන්ට සලස්වනසේක, එවිට ජලධාරාවෝ ගලායති.

බෙදාගන්න
ගීතාවලිය 147 SROV

ගීතාවලිය 147:15-18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ තම අණ, පොළොවට එවන සේක; එසේ ආ වචනය, ජව වේගයෙන් දිවේ. උන්වහන්සේ හිම, ලොම් සේ අතුරන සේක්; පිනි කැට, අළු මෙන් විසුරුවන සේක. උන්වහන්සේ තම හිම පළිඟු කැට, ගල් කැබලි සේ බිම හෙළන සේක; උන්වහන්සේගේ ශීතල හමුවේ සිටගත හැක්කේ කවරකුට ද? උන්වහන්සේ තම වචනය එවා, ඒවා දියකර හරින සේක; උන්වහන්සේ තම සුළං හමන්නට සලස්වා, ජලය ගලා යවන සේක.

බෙදාගන්න
ගීතාවලිය 147 SCV

ගීතාවලිය 147:15-18 NRSV (Sinhala New Revised Version)

එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි. එතුමාණෝ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක. අළු මෙන් පිනි කැට විසුරුවන සේක. සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමන් එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද? එතුමාණෝ අණ දෙන සේක; හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක. එවිට ජලය ගලා යන්නේ ය.

බෙදාගන්න
ගීතාවලිය 147 NRSV

ගීතාවලිය 147:15-18 SNRV (Sinhala New Revised Version 2018)

එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමාණන්ගේ වචන යුහු ව පැතිර යයි. එතුමාණෝ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක. අළු මෙන් පිනි කැට විසුරුවන සේක. සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමාණෝ එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද? එතුමාණෝ අණ දෙන සේක; හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක. එවිට ජලය ගලා යන්නේ ය.

බෙදාගන්න
ගීතාවලිය 147 SNRV

ගීතාවලිය 147:15-18 NIV (New International Version)

He sends his command to the earth; his word runs swiftly. He spreads the snow like wool and scatters the frost like ashes. He hurls down his hail like pebbles. Who can withstand his icy blast? He sends his word and melts them; he stirs up his breezes, and the waters flow.

බෙදාගන්න
ගීතාවලිය 147 NIV